මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමී විරෝධතා සඳහා පොලීසියෙන් හෝ ආරක්ෂක අංශවලින් බාධා කිරීමක් සිදු කර නෑ

    ජූලි 08, 2022

    සාමකාමී විරෝධතා සඳහා පොලීසියෙන් හෝ ආරක්ෂක අංශවලින් බාධා කිරීමක් කිසිදු අවස්ථාවක සිදු කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

     ඒ මහතා මේ බව කියා සිටියේ අද (08) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

    අද සහ හෙට විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් දිවයිනේ තවත් ප්‍රදේශවලත් විවිධ විරෝධතාවයන් පැවැත්වෙන බවට සමාජ ජාලා ඔස්සේ තොරතුරු හුවමාරු වන බවත් කොළඹ ප්‍රදේශයට විරෝධතාවයක් සඳහා ජනතාව පැමිණෙන බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන මූලික අයිතිවාසිකම් සාමකාමීව භුක්ති විඳීම පිළීබඳව කිසිදු ගැටලුවක් නොමැති අතර සාමකාමී විරෝධතා සඳහා පොලීසියෙන් හෝ ආරක්ෂක අංශවලින් බාධා කිරීමක් කිසිදු අවස්ථාවක සිදු කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

    විරෝධතාවයන් ප්‍රචණ්ඩකාරීත්වයට කලහකාරීත්වයට යොමු වන්නේ නම් පමණකි එහිදී පොලීසියට නීත්‍යානුකූලව නීතියේ රාමුව ඇතුළත කටයුතු කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
    මෙම විරෝධතාවයන් සාමකාමීව පවත්වන ලෙස විරෝධතා සංවිධානය කරන පිරිස් වෙතින් ඒ මහතා ඉල්ලීමක් කරන අතර එම විරෝධතා තුළ ප්‍රචණ්ඩත්වය , කළහකාරීත්වය නිර්මාණය නොකරන ලෙසත් එම පිරිස් වෙතින් තල්දූව මහතා ඉල්ලීමක් කෙරේ.නීතියේ රාමුව තුළ ලැබී ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට කිසිදු ගැටලුවක් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා ප්‍රචණ්ඩත්වය කළහකාරීත්වය වැනි තත්වයන් තුළ පොලීසියට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුවන බැවින් එවැනි තත්වයන් නිර්මාණය නොකර ලෙස හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටී.

    එවැනි තත්වයක් ඇතිවුවහොත් පොලීසියට සහය දැක්වීමට දිවයින පුරා සිටින ආරක්ෂක හමුදාවන් යෙදවීමට ආරක්ෂක අමාත්‍යංශය සූදානමින් සිටින බවද තල්දූව මහතා පැවසීය.මෙම විරෝධතාවයන් සිදු කිරීමේදී පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සමග ගැටුම් ඇතිකර නොගන්නා ලෙසද ඒ මහතා ඉල්ලීමක් කෙරේ.
    කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදුකරන පිරිස් සම්බන්ධව පොලීසිය සහ බුද්ධිඅංශ සහ ආරක්ෂක අංශ නිලධාරීන් අවධානයෙන් පසුවන බව පවසන ඒ මහතා මෙවැනි ක්‍රියාවල නිරතවන පුද්ගලයන් සම්බන්ධයෙන් නියෝග සහ උපදෙස් පෙලිසිියේ සඑ ආරක්ෂක අංශ නිලධාරීන්ට ලබා දී ඇති බවත් යම් පුද්ගයකු නීතිවිරෝධී ලෙස කටයුතු කරන්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවද පැවසීය.
    එම මාධ්‍ය හමුවේදී විෂ සහිත කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළීතුරු දුන් තල්දූව මහතා කියා සිටියේ එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.කඳුලු ගෑස් ගෙන්වන්නේ රජයේ ප්‍රතිපත්තියක් අනුව බව පවසන ඒ මහතා යම්කසි රටක නියම ප්‍රමිතියෙන් යුතු ව නිපදවන ඒවා පමණක් භාවිත කරන බවත් නීතිවිරෝධී රැස්වීමක් පාලනය කරන ආකාරය නීතියේ පැහැදිළිව සඳහන්ව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය බලය තිබෙන්නේ කාටද යන්නපිළිබඳවත් නීතියේ පැහැදිළිව සඳහන් ව ඇති බවත් එහිදී පොලිස් නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඒ පිළිබඳව අවබෝධයෙන් සිටින බවත් නීතියේ පැවරී ඇති බලතල අනුව පමණක් නිලධාරීන් කටයුතු කරන බවත් නීතියේ බලය ඉක්මවා කටයුතු කිරීමට කිසිදු නිලධාරියෙකුට හැකියාවක් නොමැති බවත් අවස්ථාවට සාපේක්ෂව නිලධාරීන් සුදුසු තීරණ ගෙන කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැහැදිළි කළේය.

    පසුගිය කාලසීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල ගෑස් පෝලිම්වල සහ වෙනත් විවිධ හේතූන් නිසා මහජන විරෝධතා සිදුවූ බවත් පසුගිය මැයි මස 9වැනි දින දිවයින පුරා ප්‍රචණ්ඩකාරී කළහකාරී සිදුවීම් මාලාවක් සිදු වූ බවත් ඒ සම්බන්ධව මේ වනවිටත් පොලීසිය විමර්න සිදු කෙරෙමින් පවතින බවත් තල්දූව මහතා පැසවීය.

    ඒ අනුව සිදුවීම් 858ක් සම්බන්ධයෙන් පොලීසියට වාර්තා වී ඇති බව පවසන ඒ මහතා එම සිදුවීම් සම්බන්ධව පසුකාලීනව සැකකරුවන් 3183ක් අත්අඩංගුවට ගත් බවත් එයින් 1163 ක් පමණ සැකකරුවන් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් පැවසීය.එසේම ඊයේ මේ සම්බන්ධව මෙහෙයුම් සිදු වූ බවත් සැකකරුවන් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් 4දෙනෛකුට ඇප ලබා දී ඇති බවත් සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya