මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසදනවා - ජනපති කියයි

    ජූලි 08, 2022

    ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන්- පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසදනවා -  ජනපති කියයි.

    වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ විය. එහෙත් ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වය සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගෙන ගොස් ඇත. ඉතාම ධනවත් රටවල් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයමින් සිටිති. එහිදී මුදල් සංචිතයක් නොමැති අප වැනි රටක ආර්ථිකයට එම තත්ත්වය ඉතා තදින් බලපායි.

    මේ පසුබිම මත ඇති වූ දේශපාලන අර්බුදයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ විසඳුම් සෙවීමට ජනාධිපතිතුමා සියලු දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරනු ලැබීය. එහෙත් ඊට ලද ප්‍රතිචාර අසාර්ථක වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුර‍ය බාරගෙන කටයුතු කිරීම‍ට ඇරයුම් කෙරිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉතා සාර්ථක වී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත එම ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසී තිබේ. පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය නායකයන් සමග දුරකථනය මගින්
     බොහෝ රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කර එම රටවල සහාය ගැනීමට කටයුතු කෙරිණ.

    ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රතිඵල මේ වන විට රටට ලැබෙමින් පවතී.

     අත්‍යාවශ්‍ය ඖෂධ තොග මේ වන විටත් ලැබී තිබේ.
     ඉන්දීය ණය පහසුකම් යටතේ පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඇණවුම් කර තිබේ. එහි පළමු පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් රැගත් නෞකාව හෙට (09) දිවයිනට ළඟා වේ.
     ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිතය.
     විවිධ කෘෂිකාර්මික වැඩසටහන් යටතේ රට තුළ ආහාර හිඟයක් ඇති නොවීමට සියලු කටයුතු යොදා ඇත.

    21වන සංශෝධනයට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ. පැවති ගැටලු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙළ ඉතා කණගාටුදායකය. මෙමගින් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇත. නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් මගින් රටේ අනාගත දරු පරපුරට යහපත් රටක් ගොඩනැගීම‍ට සහාය වීම ජනතාවගේ වගකීමක් හා යුතුකමකි. එම නිසා පවතින සැබෑ තත්ත්වය නිසිලෙස අවබෝධ කරගෙන වැරදි මතවාදයන්ට හසු නොවී සාමකාමීව හා බුද්ධිමත්ව ක‍ටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya