මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහබැංකුවේ ප්‍රධාන වගකීම වැඩිවන උද්ධමනය නිසා පීඩාවට පත්වන දුප්පත් ජනතාවගේ සමාජ ආරක්ෂණය වැඩි කිරීමයි

    ජූලි 07, 2022

    මහබැංකුව මුදල් ප්‍රතිපත්ති ක්‍රියාක්මක කරන ආයතනය බවත් එමගින් පොලී අනුපාත වැඩි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ උද්ධමනය පාලනය කිරීම බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 වසරට නියමිත වූ පස්වන මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට අද (07) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    දැනට පවතින උද්ධමනය සියයට පනහක් පමණ වන බවත් ඉදිරි මාස කිහිපය තුළදී එය සියයට 70ක මට්ටමට යාහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මහබැංකුවට පවතින ප්‍රධාන වගකීම වැඩිවන උද්ධමනය නිසා පීඩාවට පත්වන රටේ දුප්පත් ජනතාවගේ සමාජ ආරක්ෂණය වැඩි කිරීම බව ඒ මහතා පෙන්වා දේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවලදීස මේ පිළිබදව අවධාරණය කර ඇති බව ඒමහතා පෙන්වා දෙයි.

     

    පොලී අනුපාත වැඩි කිරීම මගින් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය ගෙවීම් හැකියාව අඩුවන බව තේරුම් ගෙන ඇති නමුත් වඩා වැදගත් වන්නේ උද්ධමනය සියයට සියයක් දක්වා අධි උද්ධමන තත්ත්වයක් ඇතිවීම පාලනය කිරීම බවත් එසේ වුවහොත් කිසිදු ව්‍යාපාරිකයකුට ව්‍යාපාර කටයුතු කිරීමට නොහැකි තත්වයක් උදා වනු ඇති බැවින් පොලී අනුපාත වැඩිකළ යුතු බවත් ඒ මහතා පැවසීය.

    ව්‍යාපාර රැකගැනීමට උද්ධමනය පාලනය කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව පවසන ඒ මහතා, පොලී අනුපාත වැඩිවීම නිසා ණයමුදල් නැවත අයකරගැනීමේදී සහනයක් ලබා දෙන ලෙස බැංකු පද්ධතියට අද උපදෙස් නිකුත් කර ඇති බවද බැංකු පද්ධතිය මේ මොහොතේ ස්ථාවරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බවද ඒ මහතා අවධාරණය කළේය.

    මහබැංකුව කරගෙන යමින් පවතින වැඩපිළීවෙළ අනුව සර්ව ආර්ථික වැඩපිළීවෙළ යටතේ මහබැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතර මින් උද්ධමනය පාලනය වන බවත් විනිමය අනුපාත යම් කිසි මට්ටමකින් ස්ථායී වන බවත් රටේ අධික ඉල්ලුම නිසා සිදුවන උද්ධමනය පාලනය කළ යුතුබවත් නන්දලාල් මහතා පෙන්වා දෙයි.

    මෙවැනි අර්බුුදකාරී අවස්ථාවක එම කාර්යය මහබැංකුවට තනිව සිදු කළ නොහැකි බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවලට අමතරව රජයට අයත් ව්‍යාපාරවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.භාණ්ඩාගාරය මේ සඳහා පියවර ගෙන ඇති බව පෙන්වා දෙන ඒ මහතා, නව බදු හඳුන්වා දෙමින් වියදම් කළමනාකරණය කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් මේ සඳහා යම් කාලයක් ගතවන බවත් පැවසීය.

     

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 වසරට නියමිත වූ පස්වන මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම අද (7) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

     

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් ඉහළ නැංවීමට තීරණය කර ඇත.
    මෙම තීරණය කරා එළඹීමේදී මුදල් මණ්ඩලය ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් සහ මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය යන අංශයන් කෙරෙහි මුදල් තත්ව තවදුරටත් දැඩිවීමෙන් වන බලපෑම දැඩිව සැළකිල්ලට ගෙන ඇත.මතුපිට උද්ධමනය අපේක්ෂීත
    ප්‍රමාණයට වඩා ඉහළ යාම , ඉල්ලුමෙන් ඇතිවන උද්ධමන පීඩන ගොඩනැගීම ඉදිරි කාලයේදී ඉහළ උද්ධමනයක් පැවතීමට ඇති හැකියාව පිළීබඳව අවධානය යොමු කරමින් සහ අහිතකර උද්ධමන අපේක්ෂා ගොඩනැගීම පාලනය ක්රීම සඳහා තවදුරටත් මුදල් තත්ව දැඩි කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

    උද්ධමනය පාලනය කර සාර්ව ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම සඳහා ප්‍රතිපත්ති පොලී ඉහළ නැංවීමට මුදල් මණඩලය තීරණය කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාතික පදනම් අංක සියයකින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.මේ හේතුවෙන් නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතික සියයට 14.50ක් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.5ක් දක්වාත් ඉහළ යනු ඇත.

    අඛණ්ඩව ඉහළ යන උද්ධමන පීඩනය පාලනය කිරීමට ලොව පුරා මහ බැංකු සිය මුදල් ප්‍රතිපත්ති දැඩි කරමින් පවතින අතර මෙලෙස ගෝලීය උද්ධමනය ඉහළ යාමට භූ දේශපාලන අර්බුද හේතුවෙන් ඉහළ ගිය ඛණිජ තෙල් මිල සහ ආහාර මිල මෙන්ම ඉල්ලුම් තත්ත්ව ඉහළ යාමද හේතුවේ.මෙම කරුණු හේතුවෙන් ගෝලීය ආර්ථීක වර්ධනය ඉදිරි වසරවලදී සැළකියයුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මේ වන විට ආනයන වියදම අඩු වී ඇති අතර මේ සඳහා අත්‍යවශ්‍ය නොවන ආනයන අධෛර්යමත් කිරීමට ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම විනිමය වෙළඳපොළ සීමාසහිත වූ විදේශ විනිමය ද්‍රවශීලතාවය බලපෑ අතර අපනයන වර්ධනයේ සැළකියයුතු තත්වයක් වාර්තා වී ඇත.

    ඒ සමග වෙළඳ හිඟය සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.දේශීයව මෙන්ම ගෝලීයව පවතින ආර්ථීක තත්වයන් හේතුවෙන් විදේශ‍සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම අපේක්ෂීත පරිදි වැඩි වී නොමැත.2022 මාර්තු මාසයේ දැඩි ලෙස අවප්‍රමාණය වූ විනිමය අනුපාතිකය 2022 මැයි මාසයේ සිට වෙළඳපොළ මාර්ගෝපදේශ හඳුන්වා දීමෙන් පසු පුළුල් ලෙස ස්ථාවරව පවතින බවද අනාවරණය විය.

    විදේශ අංශය ශක්ත්මත් කිරීමට පියවර රැසක් ගෙන ඇති බවත් ජාත්‍යන්තර මූල අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන අතර එම සාකච්ඡාවල සැළකියයුතු ප්‍රගතියක් ඇති බවද මෙහිදී අනාවරණය විය.මූල්‍ය හිඟය පියවාගැනීමට අවශ්‍ය ප්‍රමාණයේ මූල්‍යමය ලබා ගැනීමට ද්වී පාර්ශ්වික සහ බහු පාර්ශව සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතී.විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කඩිනම් වැඩපිළීවෙළවල් සකස් කෙරෙමින් පවතී.

    දැඩි මුදල් සහ ද්‍රවශීල තත්වයන්ට ප්‍රතිචාර වශයෙන් පොලී අනුපාත අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර රජයේ සුරැකුම්පත්වල අගයන්ද මෑතකාලීකව ඉහල ගොස් තිබේ.උද්ධමනය අධික ලෙස ඉහළ ගොස් ඇති අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවූ මිලගණන්වල වැඩිවීම සහ ආහාර කාණ්ඩයේ සිදුවූ මිල ගණන්වල වැඩිවීම ෂෘජුවම මේ සඳහා බලපා තිබේ.

    උද්ධමන පුරෝකතනයට අනුව එය කෙටිකාලීනව තවදුරටත් වැඩිවන අතර 2023 වසරේ මුල් කාර්තුවේදී එය විශාල වශයෙන් අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දේ.ගෝලීය තෙල් මිල අඩුවීම සහ ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ මේ සඳහා බලපා හැකි බව ද පුරෝකතනය කෙරේ.

    සාර්ව ආර්ථීක ස්ථායීතාවය සහතික කිරීම සඳහා ආර්ථීකයේ සියලු පාර්ශ්වකරුවන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවත් පවතින අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා රජය සහ අදාළ ආයතන ඒකාබද්ධව ප්‍රතිචාර දක්වන අතර මහජන සහයෝගය සහතික කර ගැනීමට ඉදිරි කාලයේදී හැකි වනු ඇති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය විය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya