මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට අරාජික තත්ත්වයට ගෙන යෑමේ කටයුත්ත ඇතැම් පුද්ගලයින් සිදුකරනවා-සභානායක

    ජූලි 04, 2022

    රට ඉදිරියට ගෙන යාමට අගමැති ප්‍රමුඛ රජයක්, ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බවත් එහෙත් රට අරාජික තත්ත්වයට ගෙන යෑමේ කටයුත්ත ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරමින් සිටින බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අද දිනයේ පාර්ලිමේන්තුව රැස් වූයේ සියළු පක්ෂ නායකයින් රැස්වී ගත් තීරණයකට අනුව බව සභානායකවරයා පෙන්වා දුන්නේය.

    රට දැවැන්ත ඉන්ධන ගැටළුවකට මුහුණ දී ඇති බවත් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් අප සියළු දෙනාම ඉන්ධන ගැටළුවට මුහුණ දෙන බවද සභානායකවරයා පෙන්වා දුන්නේය.

    මෙතෙක් කලක් ඇසීමට නොහැකිව ප්‍රමාද වූ ප්‍රශ්න 50කට පිළිතුරු දීමේ අවස්ථාව අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබුණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya