මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පකිස්ථානයේ සහාය 

    ජූනි 18, 2022

    පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි (Umar Farooq Burki) මහතා පවසයි.

    ඊයේ (17) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙමින් උමාර් ෆාරුක් බුර්කි මහතා මේ බව සඳහන් කළේය.

    දෙරට අතර සමීප සහ බහුපාර්ශ්වික සබඳතාව, දේශපාලන, වෙළෙඳ, සංස්කෘතික, ආරක්ෂක, සංවර්ධන සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන බව මහ කොමසාරිස්වරයා පැවසීය.

    මානුෂීය ආධාර ලෙස තෝරාගත් ඖෂධ මෙරටට ලබාදීම, එරට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පකිස්ථාන රජයට ස්තූතිය පළ කළේය.

    ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ජනාධිපතිතුමා මහ කොමසාරිස්වරයා දැනුවත් කරනු ලැබීය.

    පවතින තත්ත්වයෙන් මිදීමට පකිස්ථාන රජයේ සහාය ලබාදෙන බවත් කඩිනමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තමා ප්‍රාර්ථනා කරන බවත් උමාර් ෆාරුක් බුර්කි මහතා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya