අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ඇමති සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයා හමුවෙයි

    ජූනි 11, 2022

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය තාමන් ෂන්මුගරත්නම් මහත හමුවිය.

    2022 ජූනි 9 වැනි දින සිංගප්පූරුවේ මුදල් අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදුවිය.

    සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය තාමන් ෂන්මුගරත්නම් මහතා, සිංගප්පූරුවේ මූල්‍යමය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ, සිංගප්පූරු මහ බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ මූල්‍ය නියාමක යන තනතුරු දරා ඇත. එතුමා සිංගප්පූරුවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කොට ඇත.

    අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අදාළ ගැටළු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා පිළිබඳව අමාත්‍ය ෂන්මුගරත්නම් මහතාට විස්තර කළේය. මෙම ගැටළු විසඳීම පිළිබඳ ඉදිරි කටයුතු සඳහා සිංගප්පූරුවේ සහය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ පුළුල් පරාසයක කරුණු පිළිබඳව අමාත්‍ය දෙපල සාකච්ඡා කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya