අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ඇමති සිංගප්පුරුවේ ද්විපාර්ශ්වික සංචාරයක

    ජූනි 09, 2022

    සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා, සිදු කළ ඇරයුමකට අනුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, 2022 ජූනි 8 සහ 9 යන දිනවල ද්විපාර්ශ්වික සංචාරයක් සඳහා සිංගප්පූරුවේ සංචාරයක නිරත වෙයි

    සිය සංචාරය අතරතුර අමාත්‍ය පීරිස් මැතිතුමා විදේශ කටයුතු අමාත්‍ය බාලක්‍රිෂ්ණන් මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් මහතා, , නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂන්මුගම් මැතිතුමා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

    ඉන් අනතුරුව අමාත්‍ය පීරිස් මහතා, 2022 ජූනි 10 සහ 11 යන දිනවල පැවැත්වෙන 19 වැනි IISS ශැංග්‍රි-ලා සංවාදය: ආසියානු ආරක්ෂක සමුළුව (IISS Shangri-L Dialogue: Asia Security Summit) සඳහා සහභාගී වනු ඇත. අමාත්‍යවරයා මෙම ආරක්ෂක සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නියෝජනය කරයි. IISS ශැංග්‍රි-ලා සංවාදය ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුව වන අතර එමගින් ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව, සහයෝගීතාව සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කෙරේ. අමාත්‍ය පීරිස් මහතා, අමාත්‍ය මට්ටමේ වට මේස රැස්වීම්වලට ද සහභාගි වීමට නියමිත ය.

    ශැංග්‍රි-ලා සංවාදයට සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත අතර, එමගින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුම්වත් කිරීමටත්, ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒම මෙන්ම රටේ අනාගත අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කිරීමටත් එතුමාට අවස්ථාව උදා වනු ඇත.

    විදේශ කටයුතු අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya