මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව යුද්ධ හමුදාධිපති ජනාධිපති හමුවෙයි

    ජූනි 02, 2022

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (02) දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.

    මෙම හමුව අතරතුරදී, ජනාධිපතිවරයා නව ධූරයේ රාජකාරි භාරගත් යුද්ධ හමුදාධිපති වෙත සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව සුහද අඳහස් හුවමාරුවක නිරත විය.

    මෙම සුහඳ හමුව සමාප්තියේ, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා මෙම හමුවීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya