මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් උපරිම සාධරණය ලබා දෙනවා- විභාග කොමසාරිස් ජනරාල්

    ජූනි 02, 2022

    මෙවර අධ්‍යාපන පොදු පත්‍ර සා.පෙළ විභාගයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක දරුවන්ට සිදු වු ගැටලුව හේතුවෙන් එම දරුවන්ට විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් උපරිම සාධරණය ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසීය.

    විභාග කොමසාරිස්වරයා මේ බව පවසා සිටියේ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දිය.

    සමාජ මාධ්‍ය මගින් හා දිනපතා පුවත්පතක පළ වූ ඡායාරූපය අනුව පසුගියදා (2022. 05. 31) ගම්පහ කලාපයේ පාසලක විභාග ශාලාවක අපොස සාමාන්‍ය පෙළ සිසුන් දුෂ්කරතා මධ්‍යයේ විභාගයට පෙනී සිටින ආකාරය දක්වා තිබිණි.

    මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මත මෙම ශාලාව, විභාග ශාලාවක් ලෙස තෝරාගැනීමත් වැසි සහිත අවස්ථාවක ක්ෂණික පියවර ගෙන ශාලාව වෙනස් නොකිරීමත් විභාග දෙපාර්තමේන්තුවට මේ තත්වය වාර්තා කර උපදෙස් නොගැනීමත් යන කරුණු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කර නිසි පියවර ගැනීමට හා මතුවට මෙවැනි අවස්ථා ඇති නොවීමට සුදුසු පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග කොමසාරිස්වරයාට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya