මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් ජන ජීවිතයට බාධා

    ජූනි 02, 2022

    නිරිත දිග මෝසම් තත්වය සක්‍රීය වීම නිසා විශේෂයෙන්ම සබරගමුව , මධ්‍යම , බස්නාහිර සහ දකුණු පලාත්වලට අයත් දිස්ත්‍රික්ක කිහිපයක මේ වන විට පවුල් 132ක පුද්ලයන් 530 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ආරක්ෂිත ස්ථාන 57ක පුද්ගලයන් 236 දෙනෙකු රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 28 ක පුද්ගලයන් 104 ක් පීඩාවට පත්ව ඇති අතර අර්ධ නිවාස හානි 15ක් වාර්තා වී ඇත.ආරක්ෂිත ස්ථාන 4ක පවුල් 15කට අයත් පුද්ගලයන් 61 දෙනෙකු මේ වන විට රැඳී සිටින බවත් එම මධ්‍යස්ථානය දැනුම් දේ.

    මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් පවුල් 12කට අයත් පුද්ගලයන් 50 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර නිවාස 12කට අර්ධ හානි සිදු ව තිබේ.


    බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් පවුල් 42ක පුද්ගලයින් 177ක් පීඩාවට පත් ව ඇති අතර ගම්පහ සහ දොම්පේ ප්‍රදේශවල ගස් කඩා වැඩීමෙන් පවුල් 5ක පුද්ගලයන් 18ක් අධික වර්ෂාව හේතුවෙන් මීරිගම සහ මිනුවන්ගොඩ පවුල් 2ක පුද්ගලයන් 5දෙනෙක් පීඩාවට පත්ව තිබේ.ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 49කට අයත් පුද්ගලයන් 200 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇත.කොළඹ දිස්ත්‍රික්කයේද ගංවතුර සහ අධීක සුළං තත්වය හේතුවෙන් පවුල් 42ක පුද්ගලයන් 175 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ආරක්ෂිත ස්ථානයේ මෙම පිරිස් රැඳී සිටී.ඒ අනුව බස්නාහිර පළාතේ පවුල් 92කට අයත් පුද්ගයන් 376 දෙනෙකු පීඩාවට පත් ව ඇති අතර අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස සංඛ්‍යව 14කි.


    මාතර කඹුරුගමුව නිවසකට පස් කණ්ඩියක් කඩා වැටී ඇති අතර වැලිගම වල්ලිවෙල ප්‍රදේශයේ නිවසකටද පස් කන්දක් කඩා වැඩීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඇය මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.


    තවද ඇහැළීයගොඩ ඉඩංගොඩ ප්‍රධාන මාර්ගය හිඳුරංගල ප්‍රදේශයෙන් නායයාම නිසා ප්‍රදේශයේ ගමනාගමනය මුළුමනින්ම ඇණ හිට ඇත.


    නුවරඑළියේ මාර්ග කිහිපයකට පස් කඳු හා ගල් පෙරළී ඇති අතර ඉන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. එමෙන්ම දැදුරු ඔයේ සිට ඉබ්බාගමුව බතලගොඩ හරහා ජලය ගෙන යන ඇළේ ස්ථානයක් හානි සිදු ව ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පිරිස් එක්ව එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවතී.


    මේ වන විට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2ක් දක්වා විවෘත කර තිබේ.එසේම දැරණීයගල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති අතර කෑගල්ල දැදිගම මාර්ගය ද ජලයෙන් යටවී තිබේ.
    වී ඔය පිටාර ගැළීම නිසා යටියන්තොට බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ පරුස්වැල්ල ප්‍රදේශය ජලයෙන් යටටී ඇත.බගවන්තලාව විභාග මධ්‍යස්ථානයක්ද දැඩි වර්ෂාපතන තත්වය හේතුවෙන් ජලයෙන් යටවී තිබමේ වන විට මධ්‍යම කඳුකරයට අධික වර්ෂාපතනය හේතුවෙන් කාසල් රී හා මාවුස්සා කැළේ ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.


    රත්නපුර මුද්දූව බටුගෙදර හකමුව ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී ඇති අතර බුලත්සිිංහල මාර්ගය ද ජලයෙන් යටවී ඇත. මහනුවර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ම මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ජලය ඝන අඩි 3750 ක් වික්ටෝරියා ජලාශයට මුදා හැරේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya