මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හේතුවට විසඳුම් නොදී දකින දේට විසඳුම් දීමෙන් ඵලක් නැහැ - සභානායක

    මැයි 21, 2022

    හේතුවට විසඳුම් නොදී දකින දේට විසඳුම් ලබා දුන්නාට ඵලක් නොවන බව බුදු දහම අනුවත් පැහැදිලි වන බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරුන් වෙනස් කළද ප්‍රශ්නය අවසන් නොවන්නේ නම් එතැන ගැටලුවක් ඇතැයි ඔහු කියා සිටියේය. සභානායකවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) විවාදයට එක්වෙමිනි.

    ඔහු පැවසුයේ භූමිතෙල් කුප්පියකට හා ගිනි පෙට්ටියකට අපේ රටේ සංස්කෘතිය ඇද වැටී ඇතිනම් එය කණගාටුදායක තත්ත්වයක් බවය. තම බොරළුගොඩ නිවස විනාශ කිරීම පිළිබඳව සඳහන් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එහි තිබුණු වසර 100කට වඩා පැරණි ජාත්‍යන්තර ක්ෂේත්‍රය පවා විමර්ශන සඳහා යොදා ගන්නා පුස්තකාලය ගිනිබත් කිරීම සංස්කෘතිය හෝ මනුෂ්‍යත්වය දැයි ප්‍රශ්න කළේය.

    පසුගිය 09 වැනිදා සිද්ධීන් පිටුපස සැලසුම් සහගත නායකයන් සිටි බවත්, එදිනට දින කිහිපයකට පෙර ඩ්‍රෝන යානා යොදාගෙන තොරතුරු එක්රැස් කළ බවත් අනාවරණ කළේය. දුප්පත්කමට කොල්ලකෑම් කළ පිරිස පමණක් අත්අඩංගුවට ගෙන සැලසුම් කළ නායකයන් සොයා නොගතහොත් එය බරපතළ ගැටළුවක් බවද සභානායකවරයා පැවසූවේය. විනාශ කළ තමන් ජීවත්වන කිරුළපන නිවස සියලු ජනකොට්ඨාශවල නායකයන් පැමිණි ස්ථානයක බවත්, තමන් යුතුකම් ඉෂ්ට කිරීමේදී පක්ෂ භේදයක් නොබැලූ බවත් කියා සිටියේය.

    අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම වෙනසකට යා යුතු බව අවධාරණය කළ ඔහු එම කුමන සංශෝධන පැමිනියත්, ප්‍රශ්නයට ආමන්ත්‍රණය කළ යුතු බවත් සඳහන් කළේය. 30% ක් පමණ වන තරුණ පරම්පරාවට ඇති ප්‍රශ්න සඳහා විසඳුම් ලබා නොදුනහොත් සමාජ ප්‍රශ්න ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔහු පැවසීය.

    මෙරට ඉන්ධන, විදුලිය සහ ප්‍රවාහන පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
    සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

    “ වංචාකරුවන්, කේලම්කරුවන්, කප්පම්කරුවන් නිසා රට විනාශ වීම වැළැක්විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයද එයින් විනාශ විය හැකියි. ඒ පිළිබඳව කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා අවධානය යොමු කළ යුතුයි. ඇත්තන් සහ නැත්තන් අතර පරතරය වැඩිවන විට සමාජ කැරළි ඇති වීම වැළැක්විය නොහැකියි. රටේ ආදායමට වඩා වියදම් කරන රටක් වන අප රට එම තත්ත්වයෙන් මුදා ගත යුතුයි. අධික වියදම් යන මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. ආරක්ෂක අංශ මෙම විනාශය කළ සැලසුම්කරුවන් අත්අඩංගුවට නොගන්නේනම් පාර්ලිමේන්තුව ඒ සඳහා කටයුතු කිරීමට හැකිවන පරිදි ශක්තිමත්භාවයක් ඇති කළ යුතුය. ජනාධිපතිතුමාගේ නිවස අසල කලබල කළ විට ඉහළට වෙඩි තැබූ පොලිසිය ඉන්පසු සිද්ධීන් වලදී ඉහළට වෙඩි තැබුවේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ අමරකීර්ති අතුකෝරළ මැතිතුමාගේ ජීවිතයද අවසානයේ පැහැර ගත්තා.එමෙන්ම සඳුදා ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය සාර්ථක කර ගැනීම සඳහා හැම පහසුකමක්ම සැලසිය යුතුය.


    කොළඹ දිස්ත්‍රික්කයේ හැම නිවසක්ම උයා පියා ගන්නේ ගෑස් වලින්. රාත්‍රියේ විදුලිය නැති වුණාම ඇතැමුන් නිවෙස් වලින් එළියට බහිනවා. මම අවුරුදු 50ක් දේශපාලන භූමියේ කටයුතු කරනවා. අබමල් රේණුවකවත් හානියක් කාටවත් කරලා නැහැ. ''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya