මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න- මන්ත්‍රී නාමල් රාජපක්ෂ

    මැයි 20, 2022

    නීතිය කැඩීමට කිසිම උවමනාවක් නොමැති බවත් තමා ඇතුළු තම පක්ෂයේ සෑම මන්ත්‍රීවරයෙක්ම ගෝල්ෆේස් සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභය පිළිබද සභාව කල්තැබීමේ විවාදයට ඒක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මේ බව පැවසීය.

    ඒ හා සමානවම ගෙවල් ගිනි තබමින්, දේපළ විනාශ කරමින් , ත්‍රස්තවාදින් මෙන් හැසුරුණු පිරිසටද නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමා ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය. රහස් පොලීසියේ කට උත්තර ලබා ගැනීමට කී සෑම අවස්ථාවකම තමා ඇතුළු මන්ත්‍රීවරු ඒ සඳහා ඉදිරිපත් වූ බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

    මෙහිදී ඒක් පිරිසක් කඩු මුගුරු රැගෙන හිතා මතාම පහර දුන් බවත් අරගලයට මුවා වී මිනිසුන්ගේ ජීවිත සහ දේපල විනාශ කළ හැකි නම් ඒවිට මෙරට නීති පද්ධතිය කඩා වැටෙන බවද කීය. තවද නොදැනුවත්වම මෙම අරගලයට සහය දැකවමින් මීට ඒක් වූ පිරිසක් සිටින බවත් ඔවුන්ව පුනරුත්ථාපනය කළ යුතු බවද කීය.

    මන්ත්‍රීවරුන්ගේ සහ මේ රටේ ආරක්ෂාව අද වන විට බිඳ වැටී තිබෙනවා.අපි දැක්කා ඊයේ පොලීසියට ගහපු විදිය. ප්‍රධාන පොලිස් නිලධාරියෙකුගේ ඔළුව පැලෙන්න ගහනවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුනහොත් මේ රටේ නීතිය කඩා වැටෙනවා. පසුගිය මැයි 09 වනදා ඇති වූ මෙය මෙහෙයවපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. මෙම අර්බුදයට වග කිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා දැඩිව ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya