අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි 09 සිදුවීමෙන් හනි වූ ජීවිත හා දේපළවලට සාධාරණයක් ඉල්ලා සභාව කල් තැබීමේ යෝජනාවක් විවාදයට

    මැයි 17, 2022

    පසුගිය මැයි 09 වනදා ඇති වූ කළහකාරී සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ සහ දේපළ හානි වූ සියළු දෙනා වෙනුවෙන් සාධාරණයක් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ මහතා අද(17) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පසුගිය 9 වන දින දිවයින පුරා ඇති කළහකාරී සිදුවීම් හේතුවෙන් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයන් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 74 දෙනෙකුගේ ඇතුළු 80 කට සහ දේපළ රැසකට හානි වී ඇත.

    මේ සම්බන්ධයෙන් ගෙනා සභාව කල් තැබීමේ යෝජනාවේ දී අදහස් දක්වමින් ඩී . වීරසිංහ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා පැවසුවේ,

    අද පුද්ගලිකව අපට සිදු වූ දෙය හෙට පාර්ලිමේන්තුවේ තව කෙනෙකුට විය හැකියි. මගේ නිවසට ප්‍රහාර එල්ල කරන්න සැළසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. අද එම පක්ෂයේ සංවිධායකවරයෙක් ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට අරන් තිබෙනවා. මගේ දෙමව්පියන් සහ මම ජීවිත කාලයේදීම එකතු කළ සියල්ල මගේ දරුවා ඉදිරියේ විනාශ කර දමනවා.

    මේ සම්බන්ධයෙන් අද අත් අඩංගුවට ගෙන තිබෙන්නේ තරුණ දරුවෝ. මගේ ගේ ගිනි තියන්න එද්දි මගේ ගමේ ජනතාව ආව ගේ බේරගන්න. මේ රටේ තව දුරටත් දේශපාලනය කරනව නැද්ද කියන තීරණය මම ඉදිරියේදී ගන්නවා.

    මේ සිද්ධිය සොයා බැලීමට පාර්ලිමේන්තුවේ විශේෂ තේරිම් කාරක සභාවක් පත් කරන ලෙසත් මෙම සිද්ධිය නිසා අසරණ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් පළාත් පාලන නියෝජිතයින්ට නිසි වන්දි මුදලක් ලබා දෙන ලෙසද මන්ත්‍රීවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya