අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුවසැරිය ගිලන්රථ සේවාව පවත්වාගෙන යාමට මෙතෙක් ප්‍රශ්නයක් මතුව නැහැ - සෞඛ්‍ය ඇමති

    මැයි 06, 2022

    සුවසැරිය ගිලන්රථ සේවාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද වන තෙක් ප්‍රශ්නයක් මතුවී නැතැයි ද,කිසිදු අයුරකින් සේවාව කපාහැරීමක් සිදුකර නැතැයිද සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද දැනුවත් කිරීම සදහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    තමා සුවසැරිය සභාපතිවරයාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරීවරයාට කතාකර ඒ පිළිබඳ සියලු තොරතුරු ලබාගත් බවද ඒ අනූව සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයෙන් සෘජුව අරමුදල් සපයන අතර සාමාන්‍යයෙන් මේ සදහා මසකට මිලියන 84ක පමණ මුදලක් ලබාදිය යුතු බවද පසුගිය මාසයේදී ඒ සදහා ලබාදී ඇත්තේ මිලියන 30ක පමණ මුදලක් බවද ඒ අනූව මුදලේ යම් අඩුවක් සිදුවී ඇති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

    නමුත් සේවාව බිදවැටෙන තත්ත්වයකට පත්ව නැතැයිද ඒ සම්බන්ධයෙන් තමා මුදල් මුදල් අමාත්‍යවරයා සමග වෙනම ම පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කළ බවද කියා සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන සතියේ මේ පිලිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද කියා සිටියේය.

    අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබාදීමට මහා භාණ්ඩාගාරය මේ වන විට එකගතාවය පළකර ඇතැයිද ඊට අමතරව සුවසැරිය ගිලන්රථ සේවාව සතුවම මිලියන 600ක පමණ අරමුදලක් පවතින අතර එම මුදල් යොදා නොගෙන මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගනිමින් සේවාව පවත්වාගෙන යාමට උත්සාහ දරන බවද අමාත්‍යවරයා සදහන් කළේය. අද වන තෙක් එම සේවාව කිසිදු අයුරකින් ජනතාවට ප්‍රශ්නයක් මතුවන තත්ත්වයකට පත්ව නැතැයිද එහි අරමුදල් ලබාදීමේදී මතුව ඇති ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සදහා තමාත් මුදල් ඇමතිවරයාත් මැදිහත්වී මේ වන විට කටයුතු යොදා ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවදාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya