අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රචණ්ඩකාරි හා කළහකාරි ලෙස හැසිරෙන්න එපා- නීතිය ක්‍රියාත්මකයි

    මැයි 06, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතීන්ට ගරු කරන්න- පොලීසියට දැනුම් දෙයි

    යමෙක් ප්‍රචණ්ඩකාරි හා කළහකාරි ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇතැයි ජ්‍යේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටී.

     

    ඒ අනුව උද්ඝෝෂණවලට සහභාගී වන අයගෙන් හා කණ්ඩායම්වලින් සාමකාමීව උද්ඝෝෂණ ව්‍යාපර පවත්වන ලෙස ඉල්ලා සිටින බවද අජිත් රෝහණ මහතා ඉල්ලා සිටී. එමෙන් ම කළහකාරි හා ප්‍රචණ්ඩකාරී ක්‍රියවලින් ඉවත්ව උද්ගෝෂණ ව්‍යාපාරවල නිරතවන ලෙස ද ඒ මහතා පවසයි.

    ඕනෑම කෙනෙකුට සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතියක් තිබෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවෙන් භාෂණයේ,ප්‍රකාශනයේ සහ අඳහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කර තිබෙන බවත් එම අයිතීන්ට ගරු කරමින් කටයුතු කරන ලෙසට සියලු පොලිස් නිලධාරින් දැනුවත් කර තිබෙන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya