අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චලේ බිදවැටීම හමුවේ විදුලි කප්පාදුව වැඩි නොකිරීමටත් ජල විදුලිය නිෂ්පාදනය වැඩිකිරීමටත් සාකච්ඡා

    මැයි 05, 2022

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හදිසි තාක්ෂණික බිඳ වැටීම සමග දැනට පවතින විදුලි කප්පාදුව එම කාල සීමාවේම පවත්වාගෙන යාම වෙනුවෙන් සහ ඉදිරි ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ සැලසුම පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ (04) සවස වාරිමාර්ග සහ කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි සංවර්ධන අමාත්‍යංශයේදී පවත්වන ලදි.

    මෙහිදී නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීම යථා තත්වයට පත් කරන ඉදිරි දින 05 වෙනුවෙන් ජල විදුලි බලාගාර වලින් වැඩි ජල ප්‍රමාණයක් නිකුත් කිරීමට සහ ඉදිරි කළමනාකරණ වැඩසටහන පිළිබඳව තීරණය කරන ලදි.

    ඒ අනුව නොරොච්චලෙ බලාගාරයේ දෝෂය ඉක්මනින් නිරාකරණය කරගැනීමට මෙන්ම නොරොච්චලෙ බිදවැටීම හමුවේ වුවද විදුලි කප්පාදුව දීර්ඝ නොකිරීම වෙනුවෙන් අවශ්‍ය කරන ජලවිදුලිය නිෂ්පාදනය වැඩිකිරීමට ප්‍රමාණවත් ජලය ලබාදීමට වාරිමාර්ග නිලධාරීන් එකගතාව පලකරන ලදී.

    මෙම අවස්ථාවට මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා  ඇතුළු, වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍යංශය සහ ආයතතන නිළධාරීන් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya