මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවෙන් ලැබුණු ණය ආධාර වලින් යකඩ ගෙන්වනවා යැයි ප්‍රකාශ කිරීම සම්පුර්ණයෙන් අසත්‍යයක්- මුදල් අමාත්‍ය

    මැයි 05, 2022

    ඉන්දියාවෙන් ලැබුණු ණය ආධාර වලින් ඩොලර් මිලියන 750 ක යකඩ ගෙන්වනවා යැයි ප්‍රකාශ කිරීම සම්පුර්ණයෙන් අසත්‍යයක් බවත් නිර්මාණය කළ ප්‍රබන්ධයක් බවත් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා පැවසුවේ කර්මාන්ත සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලබා දෙන ලෙස කර්මාන්තකරුවන් විසින් ඉල්ලීමක් සිදු කර තිබූ බවත් යකඩ පමණක් නොව අනෙකුත් අමුද්‍රව්‍යයන්ද මීට ඇතුළත් බවයි.

    ස්ථාවර නියෝග 27/2යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න 18ක් විමසීය. ඒම ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා පැවසුවේ ,

    2020 වර්ෂයේදී ප්‍රථම වතාවට මෙරට ආර්ථිකය සෘණ 3.6ක් ලෙස සංකෝචනය වූ බවයි. කොවිඩ් ව්‍යසනය හේතුවෙන් රට වසා දැමීම මීට හේතු වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා , එය රජයක් වශයෙන් පාලනයෙන් තොර වූ දෙයක් බව පැහැදිළි කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ එකිනෙකා වෙත ඇගිලි දිගු කරනවාට වඩා සියළු දෙනා ජාතික ප්‍රතිපත්තියකට එකග විය යුතු බවද අමාත්‍යවරයා කීය.

    ''අද වන විට ලෝකයේ ඉන්ධන මිල 138% වැඩි වී තිබෙනවා. එය ඩොලර් 38ට 40ට 50ට තිබූ බැරලය අද 110 දක්වා වැඩි වෙලා. විශාල පාඩුවක් රජයට දරන්න සිද්ද වෙලා තිබෙනවා. නමුත් රටේ ජනතාවගේ ජන ජිවිතය පවත්වාගෙන යාම සඳහා මෙම කටයුතු කරගෙන යනවා. මම ඊයෙත් කිවුවා . මෙය එකිනෙකාට ඇගිල්ල දිගු කරන ප්‍රශ්නයක් නොවේ.ඊට වඩා ඔබ්බට ගිය ජාතික ප්‍රශ්නයක්.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya