මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියෝජ්‍ය කතානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම ඇරඹේ - අගමැති ඡන්දය ප්‍රකාශ කරයි

    මැයි 05, 2022

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකධූරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී ඇත.

    එම ධූරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාව ස්ථිර කළේය. සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ නම රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.

    නියෝජ්‍ය කථානායක ධූරය සඳහා රහස් ඡන්දය මේ වන විට ආරම්භ කර ඇති අතර එක් එක් මන්ත්‍රීවරයා විසින් ඡන්ද පත්‍රිකාවේ තම අත්සන සටහන් කරමින්බ් ඡන්දය ප්‍රකාශ කරමින් සිටී.ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය ඡන්දය ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya