අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද සිට 6 දක්වා රැස්වෙයි

    මැයි 04, 2022

     කෝප් වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය මැයි 5 වැනිදා

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු නියෝජිතයන් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශයීය නිවේදන යටතේ මුදල් අමාත්‍යවරයා විසින් (මැයි 04 වැනිදා ) අද සිදුකිරීමට නියමිත ප්‍රකාශයට අදාළව එදින පෙ.ව 11.00 සිට 5.30 දක්වා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් (22) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

    මේ අනුව පාර්ලිමේන්තුව මැයි 04, 05 සහ 06 තෙදින රැස්වීමට නියමිතය. මැයි 06 වැනිදා හැර අන් දෙදිනම පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    මැයි 5 වැනිදා පෙ.ව 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර දිනට නියමිත වැඩකටයුතු යටතේ ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය. අනතුරුව රජය ගෙනෙන යෝජනාවකට අනුව 2022 මාර්තු 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

    මැයි 6 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා හිටපු මන්ත්‍රීවරයන් කිහිපදෙනෙකු‍ පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්වී ඇත. මේ අනුව පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ගරු චන්ද්‍රකුමාර විජයගුණවර්ධන මහතා, ටී.බී ඒකනායක මහතා, කේ.තුරෙයිරත්නසිංහම් මහතා සහ පූජ්‍ය බද්දේගම සමිත හිමි වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන් කර ඇත.මේ අතර කථානායකවරයා වෙත මේවන විට ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ
     සාමාජිකයන්ගේ රැස්වීමක් අප්‍රේල් 28 වැනිදා පෙ.ව 10.00 ට පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya