මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ප්‍රවාහන සේවාවන් වර්ජනයට එක් වන්නේ නැහැ - අමාත්‍ය දිලුම් අමුණුගම

    අප්‍රේල් 28, 2022

    රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් පැවැත්වීමට කටයුතු කර ඇති වැඩ වර්ජනයට දුම්රිය, ශ්‍රීලංගම සේවක වෘත්තීය සමිතින් එක් නොවන බවත් පෞද්ගලික බස් රථ සේවාව ද මෙම වැඩ වර්ජන ක්‍රියාවලියට සහභාගී නොවන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

    පසුගියදා (26) පොදු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී පැමිණි එකඟතාවයකට අනුව පොදු මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට එම නියෝජිතයන් තමා සමඟ එකඟ වූ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     (27) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පල කළේය.

    එමෙන්ම හෙට දින ධාවනයේ යෙදෙන පොදු ප්‍රවාහන සේවාවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
    එමෙන්ම රාජ්‍ය සේවකයන් වැඩ වර්ජනයේ යෙදීම අනවශ්‍ය දෙයක් බවත් මෙයින් සිදු වන්නේ පීඩාවට පත් ජනතාව තව දුරටත් අපහසුතාවයට පත්වෙන බවද, අමාත්‍යවරයා කියා සිටි අතර සමස්ථ ජනතාවම රජයට දිය යුතු පණිවිඩය මේ වන විට ලබා දී තිබෙන බව ද පැවසීය.


    දුම්රියේ ඇතැම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව විශාල අපහසුතාවයන්ට පත් වෙන බැවින් ඒ සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් හෝ පුහුණු කර එම අවස්ථාවන්ට යෙදවීමට පියවරක් නොගන්නේ ඇයි ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමා අමාත්‍යධූරය භාර ගැනීමෙන් පසුව දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ බවත්, මහජනතාව අපහසුතාවයට පත් වන අයුරින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොගැනීමට එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.


    එමෙන්ම අද රටේ ඇති වී තිබෙන්නේ ආර්ථික අර්බුධයක් බවත් එයට දේශපාලන අර්බුධ ඈදා නොගත යුතු බව ද, පවසන අමාත්‍යවරයා අද සමහරුන්ට අවශ්‍ය වී ඇත්තේ දේශපාලන අර්බුධයක් නිර්මාණය කර වාසි ලබා ගැනීමට බව ද, මෙම අර්බුධයට විසඳුමක් ලෙස අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් විය යුතු නම් රජය භාර දී යාමට ආණ්ඩුව ඉදිරිපත් වූවත් කිසිවකු රජය භාර ගැනීමට ඉදිරිපත් වී නැති බව ද අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හට පවසා සිටියේය.


    එමෙන්ම දැනට පවතින අර්බුධකාරී තත්ත්වය රජය සැළකිල්ලට ගෙන තිබෙන බව ද මේ ආර්ථික අපහසුතාවයන්ගෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බව ද, එය ප්‍රමාද වීම අපේ රජයෙන් සිදු වූ වරදක් බව ද, ඒ තත්ත්වයන් සමනය කිරීමට දැනටමත් වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව ද පැවසීය. එමෙන්ම කුමන කණ්ඩායමක් බලයට පත් වුවද මේ අර්බුධයෙන් ගොඩ ඒමට කාලයක් ගත වන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.


    එමෙන්ම ගාලු මුවදොර රැස් වී සිටින තරුණ පිරිසට කිසිඳු ඉල්ලීමක් නොමැති බව ද, ඔවුන්ට මෙම ගැටලුවට විසඳුමක් නොමැති බව ද, අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya