මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ආඥාපණත හා පොලිස් නියෝගවලට අනුව හැම විටම කටයුතු කරන්න - පොලිසියට උපදෙස්

    අප්‍රේල් 27, 2022

    පොලිස් නිලධාරීන් සදහා විශේෂ සුභ සාධන වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන්ගේ දීමනා හා පහසුකම් වලට අදාල ගැටලු විසදීමට ඉක්මන් පියවර ගන්නා ලෙසත් මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි.

    මේ සදහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි.
    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසුව නිල වශයෙන් අමාත්‍යංශ ලේකම් පොලිස්පති හා ඉහළ පොලිස් නිලධාරීන් අමතමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. Zoom තාක්ෂණය ඔස්සේ (25) රැස්වීම පැවැත්විණි.

    කොවිඩ් වසංගත කාල සීමාව තුළ පොලිසිය ජනතාව වෙනුවෙන් කළ සේවය මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කළ ඇමතිවරයා කියා සිටියේ තීරනාත්මක අවස්ථා වලදී සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සදහා පොලිසිය ලබා දෙන සහාය කිසිවිටෙකත් අවතක්සේරු කළ නොහැකි බවයි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ කීවේය.
    “පොලිසිය වැඩ කරන්නේ බොහෝ දුෂ්කරතා මැදයි. මේ නිසා පොලිසියේ කනිෂ්ඨ නිලධාරියාගේ සිට ඉහළ නිලධාරියා දක්වා මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒවාට කඩිනම් විසදුම් ලබා දිය යුතුයි. ඒ ගැන මා විශේෂ අවධානය යොමු කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක සුභ සාධන වැඩපිළිවෙල තවදුරටත් පුලුල් කිරීමටත් විධිමත් කිරීමටත් මා අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම කනිෂ්ඨ නිලධාරීන්ගේ දීමනා හා පහසුකම් සම්බන්ධයෙන් ඇති ගැටලු විසදීමට පියවර ගන්නවා. පොලිසිය කිසිසේත් ජනතාව පීඩාවට පත් කරන ආයතනයක් නොවිය යුතුයි. පොලිස් සේවය කියන්නේ ගෞරවාන්විත සේවාවක්. අද සමාජය තුල පොලිසිය
    පිළිබද විවිධ දුර්මත තිබෙනවා. ඒ දුර්මත නැති කරන්න ඉදිරියේ දී අප කටයුතු කරනවා. ඇමතිවරයා ලෙස මා මැදිහත් වන්නේ ප්‍රතිපත්තිමය කටයුතු සදහායි.

    පොලිසිය හැම විටම කටයුතු කළ යුත්තේ මහජනතාවගේ පැත්තේ සිටයි. පොලිස් ආඥාපණත, පොලිස් නියෝග වලට අදාලව පැවරී ඇති බලතල අනුවම පොලිසිය කටයුතු කළ යුතුයි. කිසිදු අවස්ථාවක එම බලතල උල්ලංඝණයනොකළ යුතුයි. මහජන හිතකාමී ආයතනයක් බවට පත් කිරීම සදහා පොලිසිය හා ජනතාව අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ විවිධ වැඩ සටහන් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. රටේ පවතින තත්ත්වය තුල පොලිසියට තමයි වැඩි වශයෙන්ම චෝදනා එල්ල වන්නේ. පොලිසියට පැවරෙන්නේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම. ඒ නිසා ඇතැම් අවස්ථාවල දී විවිධ ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. මේ දිනවල පවතින උද්ඝෝෂණ පෙළපාලි වලදී ජන ජීවිතයට බාධා එල්ල වීම අවම කරන්න කටයුතු කරන්න.

    විශේෂයෙන් ගිලන් රථ, පාසැල් වෑන්, පොදු ප්‍රවාහන සේවා වගේම සංචාරකයන් ප්‍රවාහනය කරන වාහන බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය ඉඩ කඩ සලසන්න. උද්ඝෝෂකයින් සමග සාකච්ඡා කර මේ සදහා කටයුතු කරන්න.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් පොලිස්පති C.D. වික්‍රමරත්න යන මහත්වරුන් මෙහි දී කථා කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya