මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ මිල පාලනය දිගටම

    අප්‍රේල් 27, 2022

    ඖෂධ මිල පාලනය ඉවත් කරන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ ඔසුසැල් හිමියන්ගේ සිදු කළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර ඇත.

    මේ අවස්ථාවේ ඖෂධ මිල පාලන ඉවත් කළහොත් රෝගීන් තවදුරටත් පීඩාවට ලක්වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගේ අදහස විය.

     

    එකී ඉල්ලීම පිළිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් සහ මිල පාලන කමිටුවෙන් අමාත්‍යවරයා විමසන ලදුව ඔවුන්ගේ අදහස වී ඇත්තේ ද මේ අවස්ථාවේ මිල පාලනය ඉවත් කිරීම සුදුසු නැති බවත් ඒ වෙනුවට ඩොලරයේ මිල උච්චාවචනය අනුව ඖෂධවල උපරිම මිල නියම කිරීම සුදුසු බවත්ය. පෞද්ගලික වෙළෙඳ පොළ තුළ ඖෂධ හිඟයක් ඇති වීම මඟහරවා ගැනීමට යෝජනා කිහිපයක්ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව අමාත්‍යවරයාට භාරදී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya