මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිවෙකු බිය විය යුතු නැහැ- රටේ හදිසි අවශ්‍යතා සඳහා රුධිර සංඝඨක සැපයීමේ කිසිදු ගැටලුවක් ඇති වී නැහැ - ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂ

    අප්‍රේල් 26, 2022

    කිසිවෙකු බිය විය යුතු නැති බවත් රටේ හදිසි තත්ත්වයන් යටතේ හදිසි ශල්‍යකර්ම සදහා රුධිර සංඝඨක සැපයීමේ කිසිදු ගැටලුවක් තවම ඇතිවී නොමැති බව ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියා සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ජාතික රුධිර පාරවිලයනයේදී සැපයුම් කළමනාකරණය යන මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    ජාතික රුධිර පාරවිලයන සේවය ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව යුරෝපියානු ගුණාත්මක නිර්ණායකයන්ට අනූව පවත්වාගෙන යන ආයතනයක් හේතුවෙන් සැපයුම් ජාලාව අනිවාර්යයෙන්ම ආනයකින ශල්‍ය උපකරණ, ආනයනික ප්‍රතිකියක සහ අනෙකුත් පාරිභෝජ්‍ය ද්‍රව්‍ය මත යැපෙන සේවාවක් බව ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා අවධාරණය කළේය.

    ඒ අනූව සීයට සීයක්ම සැපයුම් සේවාව ආනයනික ද්‍රව්‍ය මත යැපෙන බවද, එම ආනයනික ද්‍රව්‍ය බොහෝමයක් යුරෝපීය රටවලින් ආනයනය කරන බවද සදහන් කළ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රටේ විදේශ විනිම සංචිත ගැටලුවක් ඇති වුවහොත්, එම ගැටලුව අනිවාර්යයෙන්ම ජාතික රුධිර පාරවිලයන සේවයට කිසියම් බලපෑමක් ඇති කරන බවද කියා සිටියේය.

    ඒ කෙසේ වුවද ජාතික රුධිර පාරවිලයන සේවය සැපයුම් වල මේ වන විටත් කිසිදු දෙයක සම්පූර්ණ ශුන්‍ය අගයකට (Zero Supply Level) පැමිණ නොමැති බවද, නමුත් සැපයුම් කිසියම් ප්‍රමාණයකට තර්ජනයකට ලක්වෙමින් අවප්‍රමාණය වී ඇතැයිද එම නිසා මේ අවස්ථාවේ ජාතික රුධිර ජාරවිලයන සේවයේ කළමනාකාරීත්වයත්, සායනික කටයුතු රට පුරා පවත්වාගෙන යන පර්ශද මූලස්ථාන 24 නියෝජනය කරන සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ද පසුගිය සතියේ කළමනාකරණ රැස්වීමක් පැවැත්වූ බවද කියා සිටියේය.

    ඒ අනූව සැමදා පවතින එකම තත්ත්වයක් යටතේ සේවය සැපයිය නොහැකි බැවින් සියලුදෙනා එකගතාවයකට එළඹුණු බවද කළමනාකරණ තීන්දු කිහිපයක් ගත් බවද, වෛද්‍ය ලක්ෂ්මන් මහතා සදහන් කළේය.

    වාර්ෂික රුධිර අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමට රුධිරය ඒකක ලක්ෂ 4 – 4.5ක ප්‍රමාණයක් අවශ්‍ය වන බවද දිනකට සාමාන්‍ය තත්ත්ව යටතේ රුධිර පැකට් 1200 – 1400ක් ප්‍රමාණයක් අවශ්‍ය වන බවද කියා සිටි ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයා මේ දින වල රටෙහි පවතින තත්ත්වයත් සමග සමහර ශල්‍යාගාර කටයුතු සීමාවීම් වැනි තත්ත්වයන් යටතේ මෙම ඉල්ලීම් කිසියම් සුළු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී ඇතැයිද කියා සිටියේය.

    අද උදෑසන විමර්ශනය කළ දත්ත අනූව රටෙහි ජාතික රුධිර සංඝටක සදහා ඇති අවශ්‍යතාවය දිනකට 1100 – 1200 මට්ටමේ පවතින බවද ඔහු සදහන් කළේය. රුධිර දායකයින් රුධිරය ලබාදීම මේ දිනවල 1000ක පමණ මට්ටමක පවතින බවද පැවසුවේය.

    දායකයින්ගෙන් රුධිරය ලබාගැනීමට රුධිර පැකට් වර්ග 04ක් භාවිතා කරන බවද, ඉන් එක් වර්ගයක අවප්‍රමාණයකට මේ අවස්ථාවේ ළගාවී ඇතැයිද, නමුත් අනෙකුත් බෑග් වර්ග තවමත් පවතින නිසා මාසයක් එකහමාරක් යනතෙක් කළමනාකරණය කරගත හැකි බවද ඔහු පැවසුවේය.

    මැයි මාසයේ පළමු සතියේ අවසන වන විට තවත් සැපයුම් ප්‍රමාණයක් ලැබීමට නියමිතව ඇතැයිද,එම සැපයුම් යථා පරිදි ලැබුණහොත් සේවාව පෙර පරිදිම පවත්වාගත හැකි බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

    මෙම සැපයිම් නැව් මගින් හෝ ගුවන් යානා මගින් ලැබීමේදී ප්‍රමාදයක් සිදුවුවහොත් යන තත්ත්වද සැලකිල්ලට ගනිමින් සමහර රෝගී සකත්කාර සේවාවන්ට ප්‍රමුඛතාවයක් දී සතියක කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට කළමනාකරණ තීන්දුවක් ගත් බවද, එහිදී සමහර රෝගී සත්කාරක සේවාවන් වලට වැඩි ප්‍රමුඛතාවයක් දී කටයුතු කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

    කිසිදු හෘද සැත්කමක්, ගර්භණීබාවයේදී සිදුවන සැත්කමක් ජීවිත අවධානමකට ලක්වූ රෝගීන්ගේ සැත්කම්, පිළිකා රෝගීන් සම්බන්ධ සැත්කම් ආදිය කිසි ලෙසකින් කල් දැමීමට ඉල්ලීමක් කර නැතැයිද, තැලසීමියා රෝගීන් වැනි විවිධ රෝග හේතුවෙන් රුධිර පාරවිලයනය මත යැපෙන රෝගීන්ගේ අවශ්‍යතාවයන් මෙම අවස්ථාවේ කැප කරන ලෙස ඉල්ලීම් නොකරන බවද එම රෝගීන් සදහා සේවාව ලබාදීමට හැකි සෑම විටම කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya