මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි ගාස්තු වැඩිකිරීමට අවසර දී නෑ- ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

    අප්‍රේල් 26, 2022

    විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කළේ ය.

    විදුලි ගාස්තු සංශෝධනය සදහා ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු ය. එමෙන් ම ගාස්තු සංශෝධනයක් කෙරෙන්නේ නම් සංශෝධන යෝජනාව ජනතාව වෙත ඉදිරිපත්කර මහජන අදහස් ලබාගැනීමද අනිවාර්ය වේ. එම මහජන අදහස් විමසීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පවත්වනු ලබයි.

    මේ පිළිබද වැඩිදුර පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා;

    “මේ වන විට භාණ්ඩ මිල වැඩිකරන්නෙ මධ්‍යම රාත්‍රියෙදි. ජනතාව දන්නෙ නැහැ. ඉන්ධන, ගෑස්, සිමෙන්ති, කිරි පිටි මේ සියළු භාන්ඩ වල මිල ඉහල ගිය බව පාරභෝගිකයො දැනගන්නෙ උදෑසන වෙළදපොලට ගිය විටදි. එපමණක් නොව ක්‍රමානුඅකූලව කල යුතු දෙයක් වු රුපියල පා කිරීම එක් වරම කලා. සියයට 7ක තිබුණු මහ බැංතු පොලි අනුපාතිකය එක රැයකින් 14% කලා. මහ බැංකුව එක් වරම විදේශ ණය ගෙවන්නෙ නැහැ කියනවා. ඇතැම් භාණ්ඩ වල සැපයුම්කරුවන් ඒ අයට කැමැති ආකාරයට මිල වැඩිකරනවා. නියාමනයක් සිදු නොවන කර්මාන්ත වල මධ්‍යම රාත්‍රියෙහි භාණ්ඩ මිල ඉහල දානවා වගේ විදුලි ගාස්තු ඉහල දමන්න ඉඩ දෙන්නෙ නැහැ. නියාමනයක් තිබෙන විට විධායකයට නැත්නම් විෂයභාර අමාත්‍යවරයාට හෝ අමාත්‍යංශ ලේකම් වරයාට හෝ අදාල ආයතනයට ගාස්තු ඉහල දැමීය නොහැකියි. තීන්දු තීරණ නිසි වෙලාවට නොගැනීමත් හදිසියේ තීරණ ගැනීමත් යන දෙකම හානිකරයි. විදුලිබල කර්මාන්තය නිසි ලෙස නියාමනයට ලක්වන ක්ෂේත්‍රයක්. විදුලි පාරිභෝගිකයාගේ හා විදුලිබල සැපයුම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී තිබෙන අත්හල නොහැකි වගකීමක්. ලංකා විදුලිබල මණ්ඩලය අප වෙත යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඩොලරය පා කිරීමට පෙර ඉදිරිපත් කල යෝජනාවට පසුව වත්මන් තත්වය යටතේ නව යෝජනාවක් පසුගියදා අප වෙත ඉදිරිපත් කලා. අපි මේ යෝජනාව මේ වන විට අධ්‍යයනය කරනවා. ගාස්තු සමාලෝචනය සදහා අනුමත ක්‍රමවේදයක් තිබෙනවා. කුමන වියදම් ද අනුමත කළ හැකිද යන්න මාර්ගෝපදේශ ඒ් ක්‍රමවේදය තුල ඇතුළත්. ගාස්තු සාමාලෝචනයකදි-අපේ අධ්‍යනයෙන් අනතුරුව ගාස්තු සංශෝධන යෝජනාව මහජන අදහස් සදහා ප්‍රසිද්ධ කරනවා. මේ මහජන උපදේශනයේදී සියලු පාර්ශ්වයන්ට සිය අදහස් හා යෝජනා ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කරන්න අවශ්ථාව ලැබෙනවා. අවසාන වරට විදුලි ගාස්තු සංශෝධයක් සිදුකලේ 2014 වසරේදී. එහිදී සියයට 25කින් විදුලි ගාස්තු අඩුකලා. පසුගිය වසර 8ක් පුරාම විදුලි ගාස්තු වැඩිකිරීමට ඉඩ නොදී පාලනය කරන්න අපට හැකි වුණේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශක්තිමත් නියාමන අධිකාරියක් විදියට සිය කාර්යය ඉටුකල නිසයි. රටේ අනෙකුත් ක්ෂේත්‍රවලට ද මේ අකාරයට නියාමනයක් හදුන්වාදිය යුතුයි.”

    විදුලි ජනනයේදී දී ආනයනික ගල් අගුරු හා ඩීසල් ඇතුළු අනෙකුත් ඉන්ධන මත වැඩි වශයෙන් රදා පැවතීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීම සදහා කරන වියදම් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සදහන් කලේ ය.

    “මේ වන විට විදුලිබල මණ්ඩලයේ මාසික ආදායම රුපියල් බිලියන 22ක් පමණ. මෙයින් රුපියල් බිලියන 18ක් වැයවෙනවා පුද්ගලික තාප බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට. ගල් අගුරු හා ඩීසල් මිල 130%කින් වැඩි වෙලා. රුපියල අවප්‍රමාණය වීමෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම් 45%කින් ඉහල ගොස් ඇති බවට අපට දන්වා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම් වලින් 90%ක් වැය වන්නේ ගල් අගුරු හා ඩීසල් ඇතුළු ආනයනික ඉන්ධන සදහා. ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවට අනුව මේ වන විට විදුලි ඒකකයක් සදහා වැයවන පිරිවැය රුපියල් 53ක්. අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා යම් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. සියළු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර සාධාරණ තීන්දුවක් ගන්නා බව කිව යුතුයි. ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව මහජන අදහස් විමසිම සදහා ප්‍රසිද්ධියට පත්කරනවා. ගාස්තු පිළිබද තීරණයක් ගැනීමට පෙර මහජන අදහස් මෙන්ම සහනාධාර සදහා රජයේ ප්‍රතිපත්තිය ද සළකාබලනවා. කුමන පාරිභෝගික කොට්ඨාශ වලට කුමන ප්‍රමාණයක සහනාධාර දිය යුතුද යන්න රජය තීරණය කිරීමෙන් පසුව ඒ සහනාධාර ප්‍රමාණය ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන බවද තහවුරු කල යුතුයි. එසේම ලංකා විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් සිදුවන අනාර්ථික වියදම් පාරිභෝගිකයා මත පටවන්න දෙන්නෙ නැහැ. එවැනි අකාර්යක්ෂමතා අඩුකිරීම සදහා කොන්දේසි ද පනවනවා. මේ කාරණා සියල්ල සළකා බැලීමෙන් අනතුරුවයි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය නම් පමණක් අනුමැති ය ලබාදෙන්නේ. නැවත වරක් අවධාරණය කල යුතු යි විදුලිගාස්තු වැඩිකිරීම විනිවිදභාවයකින් කරන නියාමන කටයුත්තක් බව. ඒ් නිසා විදුලි පාරිභෝගිකයා සහ මහජනතාව අනියත බියක් ඇතිකර යුතු නැහැ මධ්‍යම රාත්‍රියේ ගාස්තු වැඩිකිරීමක් සිදු වෙවි කියලා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya