මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිටස්තර පුද්ගලයන් සමග සම්බන්ධ වන ඕනෑම ස්ථානයක මුහුණු ආවරණ අනිවාර්යයි - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අප්‍රේල් 22, 2022

    පිටස්තර පුද්ගලයන් සමග සම්බන්ධ වන ඕනෑම ස්ථානයක මුහුණු ආවරණය අනිවාර්යයෙන්ම පැළද සිටීම වැදගත් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.

    ඔහු මේ බව කියා සිටියේ අද (22) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    අප්‍රේල් මස මුල් වකවානුවෙහි කොරෝනා රෝගීන්ගේ අඩු වීමක් නිරීක්ෂණය වුණු බවද, එමනිසා අවුරුදු අවසන් වන විට සෞඛ්‍ය නීති යම් පමණකට ලිහිල් කිරීමට තීරණය කරමින් පොදු ස්ථාන වල එළිමහනේ යනවානම් මුහුණු ආවරණය පැළදීම අනිවාර්යය නොකරමින් චක්‍රලේඛයක් නිකුත් කළ බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

    එම චක්‍රලේඛණය නිකුත් කරන කාල පරිච්ඡේදයේ සිදුවූ විවිධ වෙනස්වීම් සහ නවතම තත්ත්වයන් සමග මෙය නැවත ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍ය යැයි අදහස් කරමින් මෙන්ම අන් අදහස්ද සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රසිද්ධ ස්ථාන වල මුහුණු ආවරණය පැළදීම අනිවාර්යය නොවන බවට ගත් ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya