මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඹූක්කන සිදුවිම පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

    අප්‍රේල් 20, 2022

    රඹූක්කන සිදුවිම පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඊයේ (19) රඹුක්කන ඇති වූ සිදුවිම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ වන විට නිලධාරීන් තුන් දෙනෙක්ගෙන් සමන්විතව වෙනම පරීක්ෂණයක් සිදු කරන බවත් අවිස්සාවේල්ලෙන් වෙනම පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් සිදු කරන බවත් කී අමාත්‍යවරයා, මානව හිමිකම් කොමිෂම ස්වාධීන පරික්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව කීය.
    ඒ පිළිබඳව පිළිතුරක් ලැබුණු පසු සභාව දැනුවත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya