මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අප්‍රේල් 5 වැනිදා සිට 8 දක්වා රැස්වෙයි

    මාර්තු 26, 2022

    අධිභාර බද්ද පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අප්‍රේල් 7 වැනිදා - පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා‍ව තීරණය කරයි

    අධිභාර බද්ද පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අප්‍රේල් 7 වැනිදා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය විය. පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 5 වැනිදා සිට අප්‍රේල් 8 වැනිදා දක්වා රැස්වීමට මෙහිදී තීරණය වූ අතර අප්‍රේල් 6 වැනිදා හැර අනෙකුත් සෑම දිනකම පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    අප්‍රේල් 5 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.12.24 දිනැති අංක 2259/54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2022.01.18 දිනැති අංක 2263/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.

    අප්‍රේල් 6 වැනිදා පෙ.ව 10.00 - පෙ.ව 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර ඉන්පසු පෙ.ව 10.30 - පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා කාලය මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.09.17 දිනැති අංක 2245/31, 2021.10.29 දිනැති අංක 2251/63 සහ 2021.08.14 දිනැති අංක 2240/37 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කළ නියෝග විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.

    අප්‍රේල් 7 වැනිදා අධිභාර බද්ද පනත් කෙටුම්පතේ (දෙවන වර කියවීම), වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022 ජනවාරි 06 දිනැති අංක 2261/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2022 ජනවාරි 11 දිනැති අංක 2262/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.

    අප්‍රේල් 8 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා මන්ත්‍රීවරයන් තිදෙනෙක් විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනා හතරක් විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී  ගුණතිලක රාජපක්ෂ මහතා “දහම් පාසැල් අධ්‍යාපනය දියුණු කිරීමට අවශ්‍ය භෞතික සම්පත් දියුණු කිරීම ” පිළිබද ඉදිරිපත් කළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී   කිංස් නෙල්සන් මහතා “සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම” පිළිබඳව ඉදිරිපත් කර ඇති යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී   ගුණතිලක රාජපක්ෂ මහතා “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රවර්ධනය කිරීම සදහා ජාතික සංවර්ධන බැංකුවක් සහ ආර්ථික නායකත්වයක් ගොඩ නැගීම ” පිළිබදව ඉදිරිපත් කර ඇති යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමින්ද විජේසිරි මහතා “රජයේ සියලු ආයතන රජය සතු ගොඩනැගිලිවල ස්ථානගත කිරීම” යන මැයින් ඉදිරිපත් කර ඇති යෝජනාව මෙදින විවාදයට ගැනීමට නියමිතය.

    මෙම සෑම දිනකම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා පිළිවෙලින් ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya