මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ කාරක සභාව වාර්තාව ගැන තවදුරටත් අධ්‍යයනයක - සභාපති, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    මාර්තු 23, 2022

    “ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතීරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ” වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට, (22 ) රැස් වූ කාරක සභාව සාකච්ඡා කළ බව එහි සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

     

    එම අධ්‍යයනය කරන අතරතුර මේ සම්බන්ධයෙන් පත්කර ඇති, උපදේශකයන් අතර සාකච්ඡාවක් ඇති කිරීමටද එහිදී එකඟතාවයක් ඇති වූ බවද ඔහු පැවසීය.

     

    2022.03.22 රැස්වීමට, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මෙන්ම විමල් වීරවංශ, අනුර කුමාර දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, මධුර විතානගේ, එම්.ඒ.සුමන්දිරන්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya