මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 වසර තුළ ජාතික පාසල් 542ක් පාසල් පද්ධතියට

    මාර්තු 23, 2022

    සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක ''ජාතික පාසල් දහසක්'' වැඩසටහන යටතේ මේ වසර අවසානය වන විට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් 542ක් පාසල් පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    මේ වන විට හඳුනාගෙන ඇති, කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125 ආවරණය වන පරිදිත් අනෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවම වශයෙන් එක් පාසලක් හෝ ඇතුළත් වන පරිදිත් ජාතික පාසල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ලේකම්වරයා සඳහන් කළේය.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ බව සඳහන් කළේ “ජාතික පාසල් දහසක්'' වැඩසටහනේ ප්‍රගතිය හා අනාගත දරුපරපුරට හිමිවන ප්‍රතිලාභ මැයෙන් (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

    සියලුම දරුවනට සම අධ්‍යාපන අවස්ථා උදාකිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහනින් දැනට හඳුනාගෙන ඇති කිසිදු ජාතික පාසලක් නැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125 සඳහා ප්‍රමුඛත්වය හිමිවේ. රජය සෑම විටම මහජනතාවගේ අදහස් ලබා ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශ මත අවශ්‍ය ජාතික පාසල් හඳුනාගෙන ඇත. ඒ් අනුව දැනට තිබෙන ජාතික පාසල් 373 ට අමතරව ජාතික පාසල් 831 එක් කරමින් පාසල් 1204ක් පාසල් පද්ධතියට එක් කරන බව අධ්‍යාපන අමාත්‍යංයේ ලේකම්වරයා අවධාරණය කළේය.

    ඉගෙනුම් ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීමට නම් මානව සම්පත වැඩි දියුණු කළ යුතු අතර ඒ උදෙසා සියලුම විෂයන්ට ප්‍රශස්ත ගුරු මණ්ඩලයක්, අවශ්‍ය විදුහල්පතිවරුන්, පරිපාලනය භාර දීම සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් හිමි විය යුතු බවත් ජාතික පාසල් බවට උසස් කිරීමෙන් මේ සියලු අවස්ථාවන් සමගින් උසස් මට්ටමේ අධ්‍යාපන අවස්ථා පුළුල් වන බවත් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

    මීට අමතර වශයෙන් ජාතික පාසලක් බවට උසස් කිරීමේදී ජලය, විදුලිය වැනි මූලික අවශ්‍යතා සපුරමින්, විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ, ගණිත යන විෂය ධාරාවන් 5 ඇතුළත් වන පරිදි විශේෂ අවශ්‍යතා වලින් පරිපූර්ණ අධ්‍යාපන විෂය ධාරාවන් යටතේ සිදු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයකි. ඊට අමතරව ක්‍රීඩා පිටියක්, කෙඩෙට් පුහුණුව වැනි විෂයය බාහිර කටයුතු සඳහා පහසුකම් සම්පාදනය කෙරේ. වසර 03ක් ඇතුළත මේ සියලු පහසුකම් වලින් සමන්විත ජාතික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය නිම කරන බව ලේකම්වරයා තවදුරටත් කීය.

    හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 125 තුළ ජාතික පාසල් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 950ක් ද, අලුතින් හඳුනාගත් පාසල් සඳහා රුපියල් මිලියන 1000ක් ද වශයෙන් ජාතික පාසල් දහසේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 5300ක් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලැබී ඇති අතර 2021, 2022 හා 2023 වසර තුළ ජාතික පාසල් 831 පාසල් පද්ධතියට එක් කිරීමට මේ ආයෝජනය යෙදවීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ලේකම්වරයා මෙහිදි සඳහන් කළේය.

    මේ අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන) ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ එක් ජාතික පාසලක් සංවර්ධනය කිරීමෙන් තවත් පාසල් 5 – 8ත් අතර සංඛ්‍යාවක් පෝෂණය වන බවයි. ඒ් එම පාසල්වලට ලැබෙන විශේෂ පහසුකම් නිසාය. ජාතික පාසල් බිහිකිරීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා හිමිවීම, ලෝකය සමග ඉදිරියට ගමන් කිරීමට දරුවන්ට හැකිවීම මෙන්ම සහජ දක්ෂතා ඇති දරුවන්ට තම දක්ෂතා වලින් ඉදිරියට යා හැකි වීම විශේෂත්වයක් බවත් විදේශ විනිමය උපයා ගත හැකි වන පරිදි අනාගත දරු පරපුරක් නිර්මාණය කළ හැකි බවත් පෙන්වා දුන්නේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya