මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිනකට දියර කිරි ලීටර් ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපෘතියක්

    මාර්තු 22, 2022

    ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750 ක් වුවද නිෂ්පාදනය කරනුයේ ලීටර් මිලියන 422 කි. මේ නිසා වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනුයේ සියයට 40 කි. සියයට 60 ක් ආනයනනය කිරීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.


    ඊයේ (21) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේය. ප්‍රමාණවත් තරම් කිරි ගොවිපලවල්, කිරි ගොවීන් සහ කිරි ගවයන් නොමැතිවීම මෙම ගැටළුවට හේතු වී ඇත. පශුසම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය මෙම ගැටළුවට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් ඉදිරි වසර 03 තුළ ක්‍රියාත්මක කිරීමට නව ව්‍යාපෘති 03 ක් හඳුන්වා දී ඇත.

    එහි පළමු ව්‍යාපෘතිය ලෙස මහා පරිමාණ සත්ත්ව ගොවිපළවල් ඇති කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් අක්කර 950 ක ඉඩමක් ලබා දී ඇත. 2022.04.27 දින ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියෙන් දිනකට කිරි ලීටර් 100,000 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතය. රුපියල් බිලියන 03 ක ආයෝජනයෙන් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය නාවලපිටියේ ස්ථාපිත කෙරේ. ඉදිරියේදී තවත් මහා පරිමාණ කිරි ගොවිපළවල් 05 ක් ඇති කරමින් වාර්ෂික දියර කිරි නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීමට අපේක්ෂා කෙරේ.

    දැනට දිවයිනේ කිරි ගවයින් ලක්ෂ 15 ක් පමණ සිටියද ඒ පිළිබඳව පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟකම නිසා කිරි ලබා ගනුයේ ලක්ෂ 03 ක් තරම් වූ ගවයන් ප්‍රමාණයකිනි. මෙම ගැටළුවට විසදුමක් වශයෙන් කිරි ගොවීන් ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගෙන ඇත.


    මේ වන විට කිරි ගවයෙකුගෙන් දිනකට ලබා ගනුයේ කිරි ලීටර් 03 ක ප්‍රමාණයක් බවත් එය ලීටර් 05 දක්වා වැඩි කර ගැනීම සඳහා ගවයින්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීමට අපේක්ෂිතයි. මේ සඳහා අයවැයෙන් රුපියල් බිලියන 02 ක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    මෙම ඉලක්ක තුන සපුරා ගැනීමෙන් දැනට සියයට 40 මට්ටමේ පවතින වාර්ෂික දියර කිරි නිෂ්පාදනය සියයට 60 දක්වා සියයට 20 කින් වර්ධනය කර ගැනීමට අපේක්ෂිතයි.
    කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස් ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya