මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - සභානායක දිනේෂ් ගුණවර්ධන

    මාර්තු 22, 2022

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    එය මෙතෙක් ඉදිරිපත් නොකිරීම, වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස තමන් විශ්වාස නොකරන බවද ඔහු කීය. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ, 2022.03.22 පාර්ලිමේන්තුවේදී, එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා, මතු කළ කරුණකට ප්‍රතිචාර දක්වමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් නොකිරීම, වරප්‍රසාද කඩ කිරීමක් බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    මෙහිදී සභානායකවරයා මෙසේද කීය.

    " ගරු කථානායකතුමනි, අපි විශ්වාස කරන්නේ නැහැ හිටපු අග්‍රාමාත්‍යතුමා කිව්ව විදියට වරප්‍රසාද ප්‍රශ්නයක් කියලා. But what he wants is for us to the table, the finance minister to table it in the parliament, which we have agreed.
    Article 4 (1) යටතේ තිබෙන ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මුදල් අමාත්‍යංශයට දන්වලා තිබෙනවා. ඔවුන්ගේ එකඟතාවයක් තියෙනවා. යම් කිසි පනතක්, ඊට පෙරාතුව විවාදය කරන්න බැහැ කියනවනම්, ඒ පිළිබඳව ගරු කථානායකතුමාගේ තීරණයක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඒ අනුව ඔබතුමා ඉල්ලන වාර්තාව අපි ඉදිරිපත් කරලා නැහැ. අපි ඉදිරිපත් කරනවා. It’s available to the whole world, but hon. Former prime minister wants the specific document to be presented. So we are agreed. They will proceed. ”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya