මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුද්දේ අඩු මිලකට සහල් දෙන්න පුළුවන් - කෘෂිකර්ම අමාත්‍ය

    මාර්තු 22, 2022

    අලුත් අවුරුද්දේ අඩු මිලකට සහල් ලබාදිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (21) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු දක්වමිනි.

    පළමු වතාවට වී අලෙවි මණ්ඩලට මෙට්‍රික් ටොන් 70,000ක ප්‍රමාණයකට යාමට හැකිවූ බවද සහල් සඳහා පාලන මිලක් ගෙන එන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බවද
    අමාත්‍යවරයා සදහන් කළේය.

    රජය සතුව පවතින සහල් සියල්ල අලුත් අවුරුද්ද සඳහා අප්‍රේල් 01 වනදා සිට වෙළදපොලට නිකුත් කරන අතර යම් සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමටද ආණ්ඩුව අපේක්ෂා කරන බව
    අමාත්‍යවරයා පැවසුවේය.

    ඒ අනූව රජය සතුව පවතින සහල් සංචිත මෙන්ම ආනයනය කරන සහල් ද පාලන මිලකට යටත්ව ලබාදීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya