මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් ශ්‍රී ලංකාවට

    මාර්තු 22, 2022

     

     

    මාධ්‍ය නිවේදනය

    එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණෙයි

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය 2022 මාර්තු 22 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක නිරතවනු ඇත. උප ලේකම් නුලන්ඩ් මහත්මිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කලාපීය සහ ද්විපාර්ශ්වික ප්‍රතිපත්තිමය ගැටළු පිළිබඳව අධීක්ෂණය කරයි.

    මෙම සංචාරයේ දී උප ලේකම් නුලන්ඩ් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා හමුවීමට නියමිතය.

    අමාත්‍ය පීරිස් මැතිතුමා සහ උප ලේකම් නුලන්ඩ් මහත්මිය විසින් 2022 මාර්තු 23 වැනි බදාදා විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරයේ සම සභාපතිත්වය දරනු ඇත. ඊට අමතරව උප ලේකම් නුලන්ඩ් මහත්මිය කොළඹ වරායෙහි සංචාරයක යෙදී, ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය ද හමුවීමට නියමිතය.

    ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදය අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ වොෂින්ටන් ඩී.සී. හි දීය. මෙම හවුල්කාරිත්ව සංවාදය ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන මාර්ග ගවේෂණය කිරීම සඳහා වැදගත් වේදිකාවකි.

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ ඉන්දු-පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩෝරි මහත්මිය මෙම සංචාරයේ දී උප ලේකම් නුලන්ඩ් මහත්මිය සමඟ එක්වනු ඇත.

    විදේශ කටයුතු අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya