මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජල දින සමරුව - ජනපති,අගමැති ප්‍රධානන්වයෙන්

    මාර්තු 22, 2022

    ලෝක ජල දිනය මාර්තු මස 22 වෙනි දිනට යෙදී ඇත.

    ඒ නිමිත්තෙන් ජල සම්පාදන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන ජාතික ජල දින සමරු මහෝත්සවය ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී මාර්තු මස 22 වෙනි දින ප.ව. 4.30ට පැවැත්වේ.

     

    මෙවර ලෝක ජල දිනයේ තේමාව මඟින් භුගත ජලය ආශ්‍රිතව ‘’නොපෙනෙන දේ පෙනීමට සැලැස්වීම’’ යන තේමාව මඟින් ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති සහ දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා වූ භූගත ජලයේ ඇති වැදගත්කම සහ කාර්යභාරය පෙන්වා දෙයි.

    මෙම සමරු උත්සවයට සමගාමීව කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව වසර ගණනාවක් පුරා මුහුණදුන් ප්‍රධාන ජල ගැටළුවක් වන පානීය ජලයට මුහුදු ජලය එක්වීම සම්බන්ධ ප්‍රශ්නය නිමා කිරීම සදහා ඉදිකරන ලද අලුත්ගම,මතුගම,අඟලවත්ත ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරීම සහ ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දීම උදෙසා ක්‍රියාත්මක කළ ප්‍රජා ජල ව්‍යාපෘතීන් සාර්ථකව නිම කර ජන සතු කිරීමද සිදුකෙරේ.

    සමාජ මාධ්‍ය මඟින් පාරිභෝගික සේවා සපයන දකුණු ආසියාවේ ප්‍රථම උපයෝගිතා ආයතනය ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමාජ මාධ්‍ය හරහා පාරිභෝගික සේවා සැපයීමේ ඩිජිටල් තාක්ෂණ වැඩපිළිවෙල ආරම්භ කිරීම සහ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක ප්‍රජා මූල සංවිධානයන්හි සාමාජිකයන් සදහා රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමද අතිගරු ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා අතින් මෙදින සිදුකෙරේ.

    මෙවර ජල දිනයේ විශේෂාංගයක් ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හොඳම කළමනාකරු කාර්යාලය සඳහා ජනාධිපති සම්මානය පිරිනැමීම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හොඳම වැඩ භාර නිළධාරී කාර්යාලය සදහා ජනාධිපති සම්මාන පිරිනැමීම හා ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ හොඳම ප්‍රජා ජල සමිතිය සදහා ජනාධිපති සම්මාන පිරිනැමීමද සිදුකෙරේ.

    විදේශීය තානාපතිවරුන්, දේශීය හා විදේශීය කොන්ත්‍රාත් සමාගම්හි නියෝජිතයන් හා උපදේශකවරුන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya