අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසිකුඩා සංචාරක වෙරළ කලාපයේ මුල් සැලැස්ම මාස 03ක් තුළ යාවත්කාලින කිරිමට උපදෙස්

    මාර්තු 21, 2022

    ප්‍රවර්ධන වැඩසටහනත් කඩිනම් කෙරේ.....
    හෝටල් ඉදිකර නොමැති භූමි ප්‍ර දේශ යළි පවරා ගැනීමේ තීරණ.....
    පාසිකුඩා හා ආරුගම්බේ ඉලක්ක කර ගනිමින් අභ්‍යන්තර ගුවන් ගමන් සේවා....

    පාසිකුඩා සංචාරක වෙරළ කලාපයේ මුල් සැලැස්ම මාස 03 ක් තුළ යාවත්කාලින කරන ලෙසත්, එහි ප්‍රවර්ධන කටයුතු කඩිනම් කරන ලෙසත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරින්ට උපදෙස් දෙයි.

    මෙම කලාපයේ හෝටල් ඉදිකිරිම සදහා ලබා දී ඇති බිම් කොටස් මෙතෙක් ඉදිකිරීම් කර නොමැතිනම් එම බිම් කොටස් ආපසු ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා බලධාරින්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    පාසිකුඩා සංචාරක වෙරළ කළාපයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව බලධාරින් හා පාසිකුඩා හෝටල් හිමියන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. පාසිකුඩා මාලු මාලු හෝටලයේ දී මෙම පසුගිය 18 වෙනිදා සාකච්ඡාව පැවැත්විණ.

    මෙරට සුන්දර වෙරළ තීරයක් වන පාසිකුඩා වෙරළ තීරය සංචාරක වෙරළ කලාපයක් ලෙස සංවර්ධනය කෙරුණේ කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසුවයි. වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස සංචාරක විෂයභාරව කටයුතු කරන කාලයේ දි පාසිකුඩා සංචාරක වෙරළ කලාපය සංවර්ධනයට පියවර ගත්තේය. ඉඩම් අක්කර 156 ක් මෙම සංචාරක වෙරළ කලාපය සංවර්ධනය සදහා වෙන් කෙරිණ. ඉන් අක්කර 100 ක හෝටල් 14 ක් ඉදි කිරීමට සැලසුම් කර තිබිණ. මේ වන විට එම වෙරළ තීරයේ හෝටල් 12 ක් ඉදිකර තිබේ. ඉතිරි අක්කර 56 තුළ රථගාලක් හා වෙළද සංකීර්ණයක් ඇතුළු යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද 2015 දී බලයට පත් වු යහපාලන ආණ්ඩුව මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම අතහැර දැමීය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා පාසිකුඩා වෙරළ තීරය නිරික්ෂණය කළ අතර ඇතැම් හෝටල් ආශ්‍රිත වෙරළ සංචාරකයන්ට භාවිතා කළ නොහැකි ස්ථාන බවට පත්ව තිබෙන අයුරු ද ඇමතිවරයාගේ නිරික්ෂණයට ලක්විය. වහාම එම වෙරළ තීරය සංචාරකයන්ට භාවිතා කිරිමට හැකිවන පරිදි සකස් කිරිමට පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා බළධාරින්ට උපදෙස් දුන්නේය. පොදු පහසුකම් සදහා වෙන් කර ඇති අක්කර 56 ක භූමි ප්‍ර දේශය කඩිනමින් සංවර්ධනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

    පාසිකුඩා සංචාරක වෙරළ කලාපය සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ප්‍රවර්ධන වැඩසටහන්වලට ඇතුළත් නොවිම පිළිබද ව ද මෙහි දි දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඇමතිවරයා උපදෙස් දුන්නේ ඒ සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි. ලබන මාසයේ සිට මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරන ලෙස උපදෙස් දුන් ඇමතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සකස් කරන සියලුම ප්‍රවර්ධන වැඩසටහන් සදහා පාසිකුඩා සංචාරක වෙරළ කලාපය පිළිබද තොරතුරු ඇතුළත් කරන ලෙස ද උපදෙස් දුන්නේය.

    පාසිකුඩා සංචාරක වෙරළ කළාපය සදහා දෙස් විදෙස් සංචාරකයන් පැමිණීමේ දි ඔවුන්ට ප්‍රවාහන දුෂ්කරතා පවතින බවත්, එය සංචාරකයන් පාසිකුඩා සදහා ආකර්ෂණය කර ගැනිමේ දි ගැටළු සහගත තත්ත්වයක් බවත් හෝටල් හිමියෝ පෙන්වා දුන්හ. ඊට ප්‍රතිචාර දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ පාසිකුඩා හා ආරුගම්බේ සංචාරක කලාප ඉලක්ක කර ගනිමින් මඩකළපුව ගුවන්තොටුපළ ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් ගමන් වැඩිදියුණු කෙරෙමින් පවතින බවයි. කඩිනමින් මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරිමට කටයුතු කරන බව ද ඇමතිවරයා මෙහි දි කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya