මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශිය සේලයින් නිෂ්පාදනය වෙළෙඳපළට

    මාර්තු 16, 2022

    “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තියට අනුකූලව “අලුත් රටට - අලුත් බෙහෙත්” සංකල්පය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) විසින් නිෂ්පාදිත නවතම සේලයින් නිෂ්පාදනය දේශිය වෙළෙඳපළට නිකුත් කිරීම (15 දින) රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයේදී ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


    මෙම සේලයින් අයිතමය කෙලුන් ලයිෆ්සයන්සස් සමාගම ( Kelun Lifesciences Pvt Ltd) විසින් මෙරට දී නිෂ්පාදනය කිරීම අප රට ලද විශාල ජයග්‍රහණයක් වන අතර, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත, මෙහි අලෙවියේ සම්පූර්ණ හිමිකම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ( SPMC ) ලැබී ඇත. ඒ අනුව මෙම සේලයින් අයිතමය SPMC වරලත් අලෙවි නියෝජිතයින් හරහා ප්‍රථම වරට දේශිය වෙළෙඳපළට නිකුත් කිරීම  සිදුවිය.

    රුධිරයේ ජල ප්‍රතිශතය අඩු වීම, විවිධ රෝගවලදී දැකිය හැකි රෝග තත්ත්වයකි. එම විජලනයට පිළියම සේලයින් ප්‍රතිකාරය රුධිරගත කිරීමයි. ඊට අමතරව තුවාල පිරිසිදු කිරීමට කෝඨරක (Sinuses) ඉවත් කිරීමේ ප්‍රතිකාර මෙන්ම තවත් බොහෝ ප්‍රතිකාර සඳහා සේලයින් භාවිත කරනු ලබයි. මෙම සේලයින් (විශාල ප්‍රමාණයේ නික්ෂේපණ. ද්‍රාවණ - Large Volume Parentals) සඳහා මෙරට වාර්ෂික අවශ්‍යතාව (රාජ්‍ය හා පෞද්ගලික) මිලියන 26 ක් පමණ වන අතර, එය මෙරටට ආනයනය කිරීම සඳහා මේ දක්වා වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇත.

    මේ දිනවල රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ, විදේශ විනිමය රැක ගැනීමේ තවත් එක් පියවරක් ලෙස, රටට අවශ්‍ය ඖෂධ මෙරට නිෂ්පාදනය කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවකි.

    මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සහභාගි වෙමින්,

    “මෙරට දේශිය සේලයින් නිෂ්පාදනය අපි ආරම්භ කළේ 2021 සැප්තැම්බර් මාසයේදී. මේ වසරේ මාර්තු වන විට, රජයේ සියලුම රෝහල් සඳහා සේලයින් අවශ්‍යතාවය සපුරා ඇති අතර, පෞද්ගලික අංශයට අවශ්‍ය සේලයින් නිකුත් කිරීමට අද දින හැකි වී තිබෙනවා. අපේ රටේ වතුරෙන්ම අපේ රටට අවශ්‍ය සේලයින් නිෂ්පාදනය කරන්න හැකි වීම විශාල ජයග්‍රහණයක්. 2021 වසර වෙනුවෙන් සේලයින් වෙනුවෙන් විශාල මුදලක් වැය වුණා.
    මෙහි 99% තියෙන්නේ වතුර. අපි මෙතෙක් කල් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීම අද සිට නතර වෙනවා. මෙරටට අවශ්‍ය ඖෂධවලින් 28% ක් පමණ දේශීයව නිෂ්පාදනය කිරීමට මේ වන විට අපට හැකි වී තිබෙනවා. හොරණ මිල්ලෑව ප්‍රදේශයේ හා අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ඖෂධ කර්මාන්තශාලා රාශියක් ඉදි කිරීම ආරම්භ කරලා තියෙනවා. තවත් මාස 24 ක් තුළ එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    අපේ රටට අවශ්‍ය බෙහෙත් නැහැයි කියලා කියනවා. රජයේ සියලුම රෝහල්වල බෙහෙත් ගබඩාවල බෙහෙත් පිරිලා. සමහර දේශපාලනඥයන් රෝහල්වල බෙහෙත් 20ක් නැහැ කියනවා. තවත් සමහරෙක් 30ක් - 50ක් නැහැ කියනවා. දවසට තුන් හතර සැරේ කියනවා. රටේ ජනතාව නොදැනුවත්කමින් බොහෝ බෙහෙත් වර්ග මාස හයකට පමණ රැස් කරගන්නවා අනියත බියක් නිසා. හැබැයි බෙහෙත් මාස ගණන් තියා ගන්න සුදුසු උෂ්ණත්වයන් ගෙදර නෑ. ඒ නිසා රෝගියාට සිදු වන්නේ ඖෂධ රැස් කිරීමෙන් ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ භාවිත කිරීමට සිදු වීමයි. බොහෝ දේශපාලනය කරන අය පුරුදු වෙලා තියෙන්නේ, බෙහෙත් එක්ක දේශපාලනය කරන්නයි. බෙහෙත් එක්ක දේශපාලනය කරන්න එපා. ඒක රෝගීන්ට කරන විශාල අපරාධයක්.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තම නිෂ්පාදන උපරිම මට්ටමට ගෙන එමින් මිලියන 60ක පැරසිටමෝල් මේ වන විට නිෂ්පාදනය කරලා අවසන්. අනියත බියක් ඇති කර ගන්න අවශ්‍ය නෑ. මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 80 ක් පමණ අප නිෂ්පාදනය කරනවා. පෞද්ගලික අංශය සමග අනුබද්ධිතව ආයතනක් ලෙස ඖෂධ වර්ග 500ක් පමණ නිෂ්පාදනය කරනවා” යනුවෙන් වැඩිදුරටත් පැවසුවේය.

    මෙම අවස්ථාවට  රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගමේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya