මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේරියාව වසංගතයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදෙමු

    මාර්තු 10, 2022

    රට වෙනුවෙන් අපේ වගකීම ඉටු කරමු

    ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළද විදේශීය රටවල සිට එන ශ්‍රී ලාංකිකයින් නිසා මැලේරියාව නැවත ව්‍යාප්තවීමේ අවදානමක් පවතී. මේ නිසා අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවලට යන සියලුම ශ්‍රී ලාකිකයින් රටෙන් බැහැර යාමට සතියකට පෙර මැලේරියා මර්දන බෙහෙත් ලබාගත යුතුය. එවැනි රටක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනා උණ වැළඳෙන ඕනෑම අවස්ථාවක වෛද්‍ය උපදෙස් අනුව රුධිර පරීක්ෂාවක් සිදු කර ගත යුතුය. එසේම ශ්‍රී ලංකාවට පැමිණ මාසයක් යනතුරු මැලේරියා මර්දන බෙහෙත් පාවිච්චි කළ යුතු බවත් ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් නිවාරණ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    අද (10) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකාවේ මැලේරියාව නැවත මතුවීම වැළැක්වීමේ සමාජ මාධ්‍ය ව්‍යාපාරය “PROMIS (Prevent Re-establishment of Malaria In Sri Lanka) Initiative” දියත් කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

    සත්‍ය තොරතුරු වසන් නොකර හෙළි කිරීමෙන් රෝගය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීම වළක්වා ගත හැකිය. එය මැලේරියාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ද ඉවහල්වනු ඇත. කලාකරුවන්ට මෙන්ම ක්‍රීඩකයන්ට මේ පිළිබඳව ප්‍රබල පණිවුඩයක් සමාජයට ලබා දිය හැකි බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    නිදහස් සෞඛ්‍ය සේවවාවක් භුක්ති විඳින රටක් ලෙස අප ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තිබෙන අතර වසංගත රෝග පාලනයට අවශ්‍ය රෝහල් පද්ධතියක්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් අප සතුව පවතී. අපේක්ෂිත ආයු කාලය වැඩිවීම, මාතෘ මරණ සංඛ්‍යාව අඩු වීම, සාර්ථක ලෙස කොවිඩ් වසංගතය මර්දනය කිරීමට හැකිවීම, පෝලියෝ, කක්කල් කැස්ස, ගලපටලය වැනි රෝග තුරන් කිරීමට හැකියාව ලැබුණ බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය අවධාරණය කළාය. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මෙම සමාජ මෙහෙවරට දායක වූ පිරීසට සමරු ඵලක ප්‍රදානය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය සේවා පිළිබඳ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, ප්‍රවීණ සිනමා නලු රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ ගායිකා නිරංජලා සරෝජනී, ප්‍රවීන කලාකරු දුමිඳු දොඩම්තැන්න ඇතුළු විද්වත්හු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya