මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරයේ දී රටවල් 45 න් 31 ක් සෘජුවම අපේ ස්ථාවරය අනුමත කළා - අමාත්‍ය ජී.එල්.පීරිස්

    මාර්තු 10, 2022

    මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරයේ දී ශ්‍රි ලංකාව පිළිබඳව සාකච්ඡාවට සහාභාගී වූ රටවල් 45 න් 31 ක් සෘජුව අපේ ස්ථාවරය අනුමත කළා සේම ඒ සඳහා සහයෝගය ද ලබා දුන් බවත්, එය අපේ රටට
    ලොකු ජයග්‍රහණයක් බවත් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (09) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්,

    “ජිනිවා නගරයේ ඊයේ අවසන් වුණා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාව මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරය. අපි ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කළා ශ්‍රී ලංකාවේ ස්ථාවරය. ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඇමතීමට මට අවස්ථා 02 ක් ලැබුණා.

    ඒ අවස්ථා 02 දීම මම යම් යම් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ සියලුම ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රායෝගික වශයෙන් ලබාගෙන තිබෙන ප්‍රගතිය පිළීබඳව. අපේ රටට විශාල ජයග්‍රහණයක්, අපිට ඉමහත් තෘප්තියක් ශ්‍රි ලංකාව පිළිබඳව සාකච්ඡාවට සහාභාගී වූ රටවල් 45 න් 31 ක් සෘජුව අපේ ස්ථාවරය අනුමත කළ සේම ඒ සඳහා සහයෝගය දුන්නා. ඒ කියන්නේ අපේ ස්ථාවරය සාධරණයි සහ ඒක ජාත්‍යන්තරය පිළිගන්න ඕන කියන පැහැදිලි නිගමනය ඒ රටවල් ප්‍රකාශ කළා. මේ ප්‍රතිඵලය අපිට ලබාගන්න පුළුවන් වුණේ අපේ එකමුතුකමක් තිබෙන නිසා. සාමුහික ප්‍රයත්නයක් දරපු නිසායි.

    මම දේශන 02 ම ඉදිරිපත් කළේ ප්‍රධාන මූලික කරුණු 05 කින්. පළමුව ඒ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අසා සිටියා මෙය සාධාරණ ද කියලා.යුරෝපයේ මහ සංග්‍රාමයක් ඇති වෙලා තිබෙනවා. එවිට මේ සියල්ලක් මධ්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳව දක්වන අවධානය තුළනාත්මක ද. ඒ සම්බන්ධයෙන් විඩන්ගු කරන කාලය, උත්සහය පිළිබඳව අර්ථයක් තිබෙනවා ද ? අපේ රට ලුහුබැඳ ගෙන යෑමට ඇති හේතුව කුමක්ද කියලා ඒ සියලු දෙනාගෙන්ම ඕනෑකමින් ඉල්ලා සිටියා.

    දෙවැනි කරුණ ලෙස මිෂෙල් බැචලේ මැතිනියගේ වාර්තාවේ අන්තර්ගත කරුණුවලින් 80% තිබෙන්නේ මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳවයි. ජාත්‍යන්තරයට කිසිම විදිහට බලපාන ප්‍රශ්න නොවේ. මේ පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ විෂය පථයට කිසිසේත් ඇතුලු වෙනවාද කියලා ප්‍රශ්නයක්. තුන්වන කරුණ ලෙස මේ විදිහට අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳව විමර්ශන පවත්වනවා නම් එසේ නම් වෙන රටවල් සම්බන්ධයෙන් විමර්ශන නොකර විශේෂයෙන් ලංකාව පමණක් ලුහුබැඳ ගෙන යන්නේ ඇයි කියලා මම ප්‍රකාශ කළා.

    ඒ වගේම හතරවෙනි කරුණ තමයි මේ සම්බන්ධයෙන් වියදම් කරන අති විශාල මුදල් ප්‍රමාණයන් වියදම් කරන්නේ අද ලෝකයේ තිබෙන අයහපත් තත්වයක් තුළ තමයි. කාටවත් කිසිම හානියක් නොකරන පාඩුවේ ජිවත්වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මහා දැවැන්ත ප්‍රහාරාත්මක වැඩපිළිවෙළක් සඳහා වියදම් කරන ඩොලර් මිලියන ගාන කිසිසේත් සාධරණ ද කියන ප්‍රශ්නය යොමු කළා. පස්වෙනි කාරණය ලෙස මම ප්‍රකාශ කළේ මේ වියදම් කරන මුදල් වලින් කිසිම ප්‍රයෝජනයක් වෙනවාද නැතිනම් දැවැන්ත හානියක් ද කියලා. එයින් ජාත්‍යන්තරය දෙකට බෙදෙනවා.

    මෙයින් කිසිම ප්‍රයෝජනයක් කාටවත් වුණේ නෑ. මා මෙම කරුණු 05 ඉදිරිපත් කළ අතර රටවල් 45 න් රටවල් 31 ඒ තර්ක පිළිගත්තා‍. එය අපේ රටට ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම යුක්රේනයේ යුද්ධයත් එක්ක ඒ රටවල් වල තානාපතිවරුන් සමඟ දිගින් දිගටම කතා කළා. ඒ රටේ සිටන අපේ පුරවැසියන් වෙනුවෙන් කිරීමට අවශ්‍ය සියලුම දේවල් විශාල උනන්දුවක් ඇතිව කළයුතුයි කියලා මම පැහැදිලි උපදෙස් දුන්නා. ශ්‍රී ලංකා පුරවැසියන් 81 යුක්රේනයේ සිටියා.

    එයින් 81 න් 15 ශිෂ්‍යන්. ඉතිරි 66 න් 39 ක් දැන් වන විට යුක්රේනය අතහැර ගිහින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් අපේ තානාපති කාර්යාලය ලබා දුන්නා. ඒ පිරිස් පෝලන්තය, රුමේනියාව, ජර්මනියට ගිහින් තිබෙනවා. දැනට යුක්රේනයේ ඉතිරිව සිටින්නේ 27 යි. ඒ 27 නා දැනට යුක්රේනය අතහැර යෑමට ඒ අයට අවශ්‍ය නැහැ කියලා කියා තිබුණා.

    එහෙත් බෙලරූස් රටේ ලාංකිකයන් 1561 ඉන්නවා. ඒ රට සම්බන්ධයෙන් ඒ අවශ්‍ය වැඩකටයුතු අපි පවරලා තිබෙන්නේ රුසියාවේ තානාපති කාර්යාලයටයි. අපේ විශ්වවිද්‍යාවල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ විශ්වවිද්‍යාවල ඉන්න ළමුන්ට පංති සඳහා ගෙවීම් නොකර මාසයක් නිවාඩු ලබා දී තිබෙනවා. දැනට බෙලරූස් රටේ ලාංකිකයන්ට අවධානමක් නෑ. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරලා තිබෙනවා මගේ ප්‍රධානත්වයෙන් කැබිනට් කමිටු 03 ක්. චීනය, ජපානය, මැදපෙරදිග රටවල් සම්බන්ධයෙන් ඒ කමිටු 03 පත් කරලා තිබෙන්නේ

    . ඒ කමිටු පත් කිරීමේ අරමුණ වුණේ ඒ රටවල් සමග සාකච්ඡා කරලා අපිට අවශ්‍ය මූල්‍ය ආධාර, ඒ රටවල්වලින් අපිට අවශ්‍ය ආනයන භාණ්ඩ වැනි දේවල් සම්බන්ධයෙන් මේ රටවල් සමඟ ඉතා ඉක්මණින් සාකච්ඡා කරලා යම්කිසි සහනයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව තමයි ඒ කමිටු 03 පත් කළේ. ඒ එක කමිටුවක් අද පාර්ලිමේන්තුවේදී දහවල් රැස්වෙනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya