මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ තරුණියන්ට බියක් නොමැතිව ඩිජිටල් අවකාශයේ ව්‍යාපාර කරන තත්ත්වයක් උදාකළ යුතුයි- පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

    මාර්තු 09, 2022

    තරුණ තරුණියන්ට බියක් නොමැතිව ඩිජිටල් අවකාශයෙන් ව්‍යාපාර කරන තත්වයක් උදාකර යුතු බවත් ඒ සඳහා ඉඩපහසුකම් ලබා දීම රජයක් ලෙස අපගේ වගකීම වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

    ඊයේ (08)පැවති බුද්ධිමය දේපොළ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසිය.

    රටක් වශයෙන් බුද්ධිමය දේපෙළ අතින් ශක්තිමත් භාවයක් නොමැති වුවහොත් නිදහස ගැනීමේද පදනමක් නොමැති බව පැවසූ චරිත හේරත් මහතා,මේ වන විටත් ඩිජිටල් අවකාශයක් රට තුළ නිර්මාණය වී තිබෙන බව පෙන්වා දුන්නේය.

    ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ගම්වල තරුණ තරුණියන් ඩිජිටල් ලෝකයේ කරන්නට සූදානම් වන ව්‍යාපාර සඳහාඉඩ පහසුකම් ලබා දීම රජයක් වශයෙන් වගකීම බවද සඳහන් කළේය. .

    එහිදී අදහස් දැක්වූ චරිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ;

    "අපේ කොත්තු සඳහා පේටන් බලපත්‍රය තවමත් කිසිවෙක් ගෙන නැහැ. අපි හදපු කෑම වේලකට එම බලපත්‍රය ගන්නට බැරි ඇයි?අද කිසි විටෙක නීති දමා තොරතුරු වහන්නට හැකියාවක් නැහැ."

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya