අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කරයි

    මාර්තු 05, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කරයි

    බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථික කටයුතු සඳහා අඛණ්ඩව බාධා ඇතිවීම් සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රතිපත්ති මාලාවක් සහ සමස්ත ආර්ථිකයට බලපානු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

    ඒ අනුව, ගෝලීය මෙන්ම දේශීය වශයෙන් පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මනාව සැළකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේ දී 2022 ජනවාරි මාසයේදී ගන්නා ලද ස්ථාවරය තවදුරටත් අවධාරණය කොට පවත්වාගෙන යෑමට තීරණය කළ අතර පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලදී:

    (අ) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින්, පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා ඉහළ නැංවීම;

    (ආ) පොලී අනුපාතික මත පනවා ඇති උපරිම සීමා, එනම් ණය කාඩ්පත් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 20 දක්වා,පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 18 දක්වා සහ උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 12 දක්වා ඉහළ නැංවීම. මෙම නියාමනය කරන ලද පොලී අනුපාතික ක්‍රියාත්මක කිරීම සඳහා වන නියෝග කඩිනමින් නිකුත් කරනු ඇත.

    - https://www.cbsl.gov.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya