අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ තිරසාර නයිට්‍රජන් කළමනාකරණ යෝජනාවේ දී ශ්‍රී ලංකාව පෙරමුණ ගනී

    මාර්තු 04, 2022

    2030 වර්ෂය සහ ඉන් ඔබ්බට නයිට්‍රජන් අභියෝගයට මුහුණ දීමේ ගෝලීය ප්‍රයත්නයන් කඩිනම් කිරීමට මේ සතියේ නයිරෝබි හි පැවති පස්වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී (UNEA5) ලොව පුරා සිටින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එකඟත්වයකට පැමිණ තිබේ.


    ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති ‘තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ යෝජනාව’ ට මිහිතලය මත තිරසාර නයිට්‍රජන් පරිභෝජනයට ප්‍රමුඛත්වය දෙමින් බ්‍රසීලය, මාලදිවයින, පකිස්ථානය සහ උගන්ඩාව යන රටවල් සම අනුග්‍රහය දක්වා ඇත. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් අද මාර්තු 2 බදාදා මෙම යෝජනාව සම්මත කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නයිට්‍රජන් අභියෝගයේ වැදගත්කම මෙසේ අවධාරණය කරයි: “තිරසාර නයිට්‍රජන් කළමනාකරණය යනු ශ්‍රී ලංකාව සහ තවත් සමහර රටවල් මේ වන විට අවධානය යොමු කර ඇති වැදගත් කරුණක්. ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන බහුල මූලද්‍රව්‍යයක් වන නයිට්‍රජන් අධික ලෙස භාවිත කිරීම නිසා පස, ජලය, වාතය සහ මිනිස් සෞඛ්‍යයට අහිතකර බලපෑම් සිදු වෙනවා .

    පොහොර සහ පශුසම්පත් පොහොර අධික ලෙස භාවිතය, දුර්වල අපද්‍රව්‍ය කළමනාකරණය සහ වාහනවලින් නයිට්‍රජන් ඔක්සයිඩ් වාතයට විමෝචනය වීම ආදී හේතු නිසා බැහැර වන අධික නයිට්‍රජන් ප්‍රවාහයන් යුරෝපයේ, ආසියාවේ සහ ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල දූෂණ ගැටලු වැඩි කර තිබේ.

    මේ අතර අනෙකුත් ප්‍රදේශ ගොවිතැන සඳහා ප්‍රමාණවත් නයිට්‍රජන් පරිභෝජනය, ආහාර නිෂ්පාදනය සීමා වීම සහ පාංශු හායනය වීමේ අවදානම සමඟ අරගල කරමින් සිටී. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ අදහස් දැක්වීය: “පෘථිවි ගෝලයට විශාල ප්‍රශ්නයක් වන නයිට්‍රජන් ගැටළුවට දීර්ඝ කාලයක් පුරා සැලකිල්ලක් දක්වා නැත. අපගේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පෙර නොවූ විරූ වේගයකින් ප්‍රතික්‍රියාශීලී නයිට්‍රජන් සංයෝග නිෂ්පාදනය වේ. ප්‍රතික්‍රියාශීලී නයිට්‍රජන් අපට ආහාර සහ ශක්තිය සඳහා අවශ්‍ය වේ. නමුත් අප විසින් සිදු කරන්නේ පරිසරයට, දේශගුණයට, සෞඛ්‍යයට සහ ආර්ථිකයට විශාල මුදලක් වැය කරමින් ඕනෑවට වඩා නාස්ති කිරීමකි.

    එක්ව අදහස් ඉදිරිපත් කිරීමේ නව ආරකට නව යෝජනාව ඉදිරිපත් කර ඇත. එහිදිී නයිට්‍රජන් භාවිතය අඩු නොකර ඒ් වෙනුවට, අපතේ යන නයිට්‍රජන් ප්‍රභව ප්‍රමාණය අඩු කිරීමට අපේක්ෂා කෙරේ. නයිට්‍රජන් අපද්‍රව්‍ය අවම කිරීමේදී ආහාර සැපයුමට සීමා සහිතව නයිට්‍රජන් ප්‍රභවය වඩා හොඳින් දායක කරගනිමින් වැඩියෙන් භාවිත කළ හැකිවේ. ඒ අතරම, නයිට්‍රජන් ප්‍රභවය ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ අවස්ථා ද යෝජනාව මගින් පෙන්වා දෙයි. උදාහරණ ලෙස කෘෂිකර්මාන්තයේ යෙදීම සඳහා අපජල ප්‍රවාහවල ඇති පෝෂක ප්‍රකෘතිමත් කිරීම සහ නැවත සැකසීම මෙන්ම ගලායාම, කාන්දු වීම සහ වාෂ්පීකරණය අවම කිරීම සඳහා කාබනික පොහොර මනාව කළමනාකරණය කිරීම ඇතුළත් වේ. තවත් අවස්ථාවක් නම් වටිනා නයිට්‍රජන් ප්‍රභව කසළ ගොඩකිරීම්වලට අහිමිවීම වැලැක්වීම සහ ඒ වෙනුවට මෙම ප්‍රභවය යොදාගෙන චක්‍රලේඛ ආර්ථිකයකට දායක වීමයි. කාන්දු වීම සහ වාෂ්පීකරණය අවම කිරීම සඳහා කාබනික පොහොර මනාව කළමනාකරණය කිරීම මෙන්ම කෘෂිකර්මයේදී යොදාැනීම සඳහා අපජල ප්‍රවාහ වල පෝෂක නැවත සකසා ප්‍රකෘත්මත් කිරීම උදාහරණ ලෙස ගත හැක. ගොඩකිරීම් නිසා ව‌ටිනා නයිට්‍රජන් ප්‍රභවයන් අහිමි කර නොගනිමින් චක්‍රීය ආර්ථිකයකට දායක කර ගැනිමට හැකි වීම අපට ලැබෙන තවත් අවස්ථාවකි.

    2019 ඔක්තෝම්බර් 24 වැනි දින, එක්සත් ජාතීන්ගේ දිනයේ සම්මත කරන ලද කොළඹ ප්‍රකාශනයේ වර්ධනය වූ චින්තනයෙන් මෙම යෝජනාව ඉදිරිපත් ව තිබේ. 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමටත්, නයිට්‍රජන් ප්‍රතිපත්ති පිළිබඳ අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත් අපේක්ෂාවෙන් කොළඹ ප්‍රකාශය අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලද තිරසාර නයිට්‍රජන් කළමණාකරණය පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියෙන් අපේක්ෂා කෙරේ.

    අද දින සම්මත කරන ලද යෝජනාව තිරසාර නයිට්‍රජන් කළමනාකරණය වැඩිදියුණු කිරීම තුළින් 2030 සහ ඉන් ඔබ්බට ගෝලීය වශයෙන් නයිට්‍රජන් අපද්‍රව්‍ය සැලකිය යුතු ලෙස අඩු කිරීමට ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා සාමාජික රටවල් දිරිමත් කිරීමට ඉදිරිපියවර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟ වී ඇත. 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය අවම කිරීමේ ඉක්මන් අවශ්‍යතාවය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කරා යන දශකය ලෙස මෙම දශකය පිළිබිඹු කරයි.

    නයිට්‍රජන් අපද්‍රව්‍ය අවම කිරීමේ ඉක්මන් අවශ්‍යතාව ගෝලීය අන්තර් රාජ්‍ය ගිවිසුමකට ඇතුළත් කළ පළමු අවස්ථාව මෙයයි. නයිට්‍රජන් ප්‍රතිපත්ති පිළිබඳ අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සඳහා වෙනත් විකල්ප ද ඇතුළත්ව ජාතික, කලාපීය සහ ගෝලීය මට්ටමින් ගෝලීය නයිට්‍රජන් චක්‍රය පිළිබඳ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය වැඩිදියුණු කළ හැකි විකල්පයන් ලෙස යොදාගත හැකි ක්‍රම හඳුනා ගන්නා ලෙස මෙම යෝජනාව මගින් UNEP විධායක අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටී. ” නයිට්‍රජන් සඳහා කලින් පැවති ප්‍රවේශයට වඩා ''ඒකාබද්ධ'' ප්‍රවේශයක් සමඟින්, සාමාජික රටවලට වඩා හොඳින් සහයෝගය

    දැක්වීම මෙහි අරමුණයි. ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතියේ (INMS) සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය විසින් මෙම කෙටුම්පත් යෝජනාව සකස් කර ඇත.

    “මෙම යෝජනාවට UNEP සාමාජික රටවල් සහය දැක්වීම ගැන මම මේ අවස්ථාවේ නිහතමානී වෙනවා.එය නව ආකාරයේ යෝජනාවක්. එහිදී අපි කථා කරන්නේ නයිට්‍රජන් භාවිතය අඩු කිරීම ගැන නොව අපතේ යන ප්‍රතික්‍රියාශීලී නයිට්‍රජන් අඩු කිරීම පිළිබඳවයි. මෙම යෝජනාව මගින් සාමාජික රටවලට තිරසාර නයිට්‍රජන් කළමනාකරණය සඳහා ඔවුන්ගේ ජාතික ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කිරීමට යම් නිදහසක් හිමිවේ. එසේම මෙම යෝජනාව ගොවීන් සහ පශු සම්පත් ගොවීන්, අපද්‍රව්‍ය කළමනාකරණය සහ වාහන විමෝචනය සඳහා අදාළ කටයුතු තවදුරටත් දියුණු කළ හැකි අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් පිළිබඳව ද සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පරිසර ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කළේ ය

    ඔහු තවදුරටත් මෙසේ පැවසීය, “මෙම යෝජනාව එක්ව සටන් කිරීම සඳහා මෙවලමකි. ගෝලීය වශයෙන්, නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කිරීමෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 100ක් ඉතිරි කර ගත හැක. පරිසර අමාත්‍යාංශය, ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ, ජානකී අමරතුංග මහත්මිය මෙසේ අවධාරණය කළාය. “තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ යෝජනාව 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමේ කොළඹ ප්‍රකාශනයේ අභිලාසය මත සකස්වී ඇක . ‘2030 සහ ඉන් ඔබ්බට නයිට්‍රජන් අපද්‍රව්‍ය සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීම’ ‌යන එකඟත්වය එම ඉලක්කය කරා ගමන් කිරීමේ වැදගත් පියවරක්.

    UNEP සාමාජික රටවල සහය යෝජනාවට ලබා දීමේ දී UNEP හි නිත්‍ය නියෝජිත සහ කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේළුපිල්ලේ කනනාදන් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. කනනාදන් මහතා සඳහන් කළ පරිදි “අපට අවශ්‍ය නයිට්‍රජන් සතුරෙකු ලෙස නොව මිතුරෙකු ලෙස දැකීමටයි! අපතේ යන නයිට්‍රජන් ප්‍රමාණය අඩු කරමින් ආහාර නිෂ්පාදනය සඳහා එහි උපරිම ප්‍රතිලාභ ලබාගනිමු. මෙම අගනා සම්පත ඉතිරි කර ගැනීමෙන් ලබාගත හැකි විශාල ව්‍යාපාරික අවස්ථාමෙන්ම පිරිසිදු වාතය, ජලය සහ දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමට ඇති හැකියාවත් මට පෙනේ.

    ''ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතියක් කරා'' (INMS) GEF/UNEP ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය මාර්ක් සට්න් මෙම අභියෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, මෙසේ අදහස් දැක්වීය: ඔබට ඔබේ පොහොර ගොඩේ සුවඳ දැනෙනවා නම්, එයින් අදහස් වන්නේ එය දැනටමත් නැති වී යන බවයි. වායුගෝලයට යහපත! වාෂ්පශීලී නයිට්‍රජන් සංයෝග අපට අවශ්‍ය තැන තබා ගනිමින් සියලුම පොහොර සම්පත් ආවරණය කිරීම වඩා හොඳය: බෝග අස්වැන්න උපරිම කිරීමට ගොවීන්ට උපකාර කිරීම. වඩා හොඳ නයිට්‍රජන් කළමනාකරණයක් සඳහා පුළුල් පරාසයක විකල්ප පවතින බවත්, ඉදිරි වසරවලදී සාමාජික රටවල් සමඟ බලමුලු ගැන්වීමට UNEA යෝජනාව උපකාරී වනු ඇති බවත් ඔහු පැවසීය.

    මෙම අභියෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, ''ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතියක් කරා'' (INMS) GEF/UNEP ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය මාර්ක් සටන් මෙසේ අදහස් දැක්වීය:

    ''ඔබේ පොහොර ගොඩේ සුවඳ ඔබට දැනෙනවා නම්, එයින් අදහස් වන්නේ එය දැනටමත් ක්ෂය වෙමින් එහි හොඳ කොටස වායුගෝලයට මුසු කරමින් පවතින බවයි.! වඩා සුදුසු වන්නේ වාෂ්පශීලී නයිට්‍රජන් සංයෝග අපට අවශ්‍ය තැන්වල තබා ගනිමින් ආවරණය කර බෝග අස්වැන්න උපරිම කිරීමට ගොවීන්ට උපකාර කිරීම.වඩා සුදුසුවේ. වඩා හොඳ නයිට්‍රජන් කළමනාකරණයක් සඳහා පුළුල් පරාසයක විකල්ප ඇති බවත්, ඉදිරි වසරවලදී සාමාජික රටවල් සමඟ ඒක්ව කටයුතු කැරීම සඳහා UNEA යෝජනාව උපකාරී වනු ඇති බවත් ඔහු පැවසීය.

     

    සංස්කාරකවරුන් සඳහා


     ''නයිට්‍රජන් අපද්‍රව්‍ය''යන සංකල්පය '' pollution plus” ලෙස දැකිය හැක. නැතිවූ සියලුම නයිට්‍රජන් දූෂණ ආකාර සහ ප්‍රයෝජනවත් නයිට්‍රජන් ප්‍රභවයන් නාස්තියක් සිදු වන ප්‍රතික්‍රියාශීලී නයිට්‍රජන් සංයෝග පිරිසිදු වායුගෝලීය නයිට්‍රජන් (N2) බවට ප්‍රතිවර්තනය කිරීමයි එයින් අදහස් වේ.''නයිට්‍රජන් අපද්‍රව්‍ය'' යන අදහසින් මෙම මුදල් නාස්තිය පිළිබිඹු වන අතර ගෝලීය නයිට්‍රජන් අපද්‍රව්‍ය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 200ක් වටිනා පොහොර වටිනාකමක් ඇතැයි ගණන් බලා ඇත.

     ''ජාතික තත්වයන් අනුව පවතින ජාතික ක්‍රියාකාරී සැලසුම් පිළිබඳ තොරතුරු බෙදා හදා ගැනීමට සාමාජික රටවල් දිරිමත් කිරීම''ට ද යෝජනාව එකඟ වේ. තිරසාර නයිට්‍රජන් කළමනාකරණය සඳහා වන යෙදීම් බලමුලු ගැන්වීමේදී රජයේ අමාත්‍යාංශ හරහා සම්බන්ධීකරණය කිරීමේ අවස්ථාව මෙහිදී ඉස්මතු වේ.''සාමාජික රටවලට, ඔවුන්ගේ ඉල්ලීම මත, තිරසාර නයිට්‍රජන් කළමනාකරණය සඳහා ජාතික ක්‍රියාකාරී සැලසුම් සංවර්ධනය කිරීමේදී සහාය ලබා දෙන ලෙස මෙම යෝජනාව UNEP විධායක අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියි :

     

     ''ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතියක් කරා''GEF/UNEP ව්‍යාපෘතිය සහ ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි එක්සත් රාජධානියේ පරිසර විද්‍යාව සහ ජල විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ මහාචාර්ය සුටන් සහ ඔහුගේ කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන GCRF දකුණු ආසියාතික නයිට්‍රජන් මධ්‍යස්ථානයේ සහය ඇතිව තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ UNEP යෝජනාව සකස්කර ඇත.

     ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුටන් සහ මහාචාර්ය එස්.පී. නිශ්ශංක වෙතින් තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් UNEA5.2 සහ   UNEP@50 විශේෂ සැසිවාර සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ, මහ කොමසාරිස් වී. කනනාදන් සහ පරිසර අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සබඳතා
    අධ්‍යක්ෂිකා ජානකී අමරතුංග යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

     

     

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya