අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මියන්මාර් රජයෙන් සහල් ආනයනය කිරීමේ දී ඒ සඳහා වැඩි මිලක් ගෙවූ බවට පළවන වාර්තා අසත්‍යයි- වෙළඳ අමාත්‍ය

    මාර්තු 04, 2022

    මියන්මාර් රජයෙන් සහල් ආනයනය කිරීමේ දී ඒ සඳහා වැඩි මිලක් ගෙවූ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, වෙළඳ අමාත්‍යංශයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

    මේ සම්බන්ධව මියන්මාර් රජය විසින් තානාපති කාර්යාලය හරහා පැහැදිළිකිරීමක් සිදු කර ඇති බවත් මියන්මාරයේ පැරණී පුවත්පතක පළවූ සහල් මිල මෙලෙස මාධ්‍ය වාර්තා කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම මිලට නැව් ගාස්තු , රක්ෂණ ගාස්තු , කිසිවක් ඇතුළත් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.‌කොවිඩ් වසංගතය නිසා මෙම ගාස්තු විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා තවද මියන්මාරයේ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ නිල වෙබ් අඩවියෙන් ඕනෑම අයෙකුට සහල්වල පවතින මිල සොයා බැලීමට හැකි බවද අමාත්‍යවරයා කීය.

    මෙම CIF මිල රක්ෂණය ගැල් කුලිය හා කොළඹට එනවිට නැව් ගාස්තුවල මිල මෙහි සඳහන් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.මියන්මාරයෙන් සහල් ආනයනයට වැය වූ මුදල කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ මිලට වඩා අඩු මිලක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

    කැබිනට් මණ්ඩලයෙන් අනුමැතීය හිමිව ඇත්තේ සහල් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 465කි.මෙම මිල අඩුකරගැනීමට නැවතත් තානාපති කාර්යාල හා සාකච්ඡා කළ බවත් ඩොලර් 440ක් දක්වා ඒම මිල අඩු කිරීමට මෙම සාකච්ඡාවලින් හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

    කොරෝනා වසංගත තත්වයක් නොමැති ව සහ පොහොර අර්බුද නොමැති පසුගිය කාලවලදී ද සහල් ආනයනය කිරීමට පැවති රජය පියවර ගත් බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.සේම ලසුගගිය රජය 2017 වර්ෂයේදී සහල් මෙට්‍රික් ටොන් හත්ලක්ෂ හතලිස්පන්දහසක් ආනයකය කර ඇති බවද හෙතෙම කියා සිටී.ඒ සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 301කි.2018 වර්ෂයේදී සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් නවදහසක් ආනයනය කර ඇති බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලෙර් මිලියන 107ක් වැය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    නමුත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වූ විගස ගත් එක් තීරණයක් වූයේ මෙරට නිෂ්පාදනය කළ හැකි සියලු දේ මෙරට තුළ වගා‌ කිරීමයි.සහල් ආනයනය තහනම් කිරීමෙන් අනතුරුව 2019 වර්ෂයේ සහල් ආනයනය කරන ලද්දේ මෙට්‍රික් ටොන් 24000ක් වූ අතර 2020 දී ආනයනය කර ඇත්තේ මෙට්‍රික්ටොන් 16000ක් පමණි.නමුත් සහල් මාෆියාව විසින් වෙළඳපොළ තුළ දිගින් දිග ට සහල්වල මිල වැඩිකිරීමත් සමග සහල් කිලෝවක මිල රුපියල් 240ක් දක්වා මිල වැඩිකිරීමට ඔවුන් පියවර ගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පාරිභෝගිකයා මෙම පීඩනයෙන් මුදා ගැනීම සඳහා සහල් ආනයනයට කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා‌ දුන්නේය.ආරක්ෂිත සහල් තොග පවත්වා ගනිමින් සතොස මගින් ඉතා හොඳ තත්වයේ සුපිරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 128 සහ කැකුළු සහල් හා නාඩු කිලෝ ග්‍රෑම් ඒකක් රුපියල් 105ටත් මේ දිනවල අලෙවි කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.වර්ෂයක් පුරාවට මෙම මිල ස්ථාවරව පවතින බවද හෙතෙම පැවසීය.සතොස අලෙවිසැල් නොමැති ස්ථානවල පාරිභෝගිකයන්ට 1998 දුරතකන අංකයට ඇමතීමෙන් භාණ්ඩ නිවසට ගෙන්වා ගත හැකි බවත් ඒ සඳහා අමතර මුදලක් වැය වන නිසා ඉදිරි උත්සව සමයේ සමුපකාර අලෙවිසැල් මගින් ද සතොස මිලටම පාරිභෝගිකයාට භාණ්ඩ මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය තමාට දැනුම් දුන් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    ඒ අනුව ඉදිරියේදී සමුපකාර අලෙවිසැල් තම පාරිභෝගිකයාට එම මිලට සහල් අලෙවි කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් සහල් තොග නිකුත් කිරීමට හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.සහල් කිලෝවක මිල රුපියල් 300ක්ද ක්වා වැඩි කිරීමට සහල් නිෂ්පාදකයන් ගන්නා උත්සහය මහපොළවේ යථාර්ථයක් කිරීමට තමා ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. තවද රාජ්‍ය වාණීජ විවිධ නීතිගත සංස්ථාව සහ සතොස අධික අලාභ ලබන බවට මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බවද අමාත්‍යවරයා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya