අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල ලොවට ආදර්ශයක්

    මාර්තු 04, 2022

    කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙල ඉතාම සාර්ථක බවත් සංවිධානාත්මක එන්නත්කරණය මුළු ලොවටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් මහතා පැවසීය.

    ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සමග පැවති සාකච්ජාවේදී හෙතෙම මෙම අදහස් දැක්වීය.

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා එන්නත්කරණ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට පෞද්ගලිකවම මැදිහත්වී දැක්වූ දායකත්වයත්, සෞඛ්‍ය-ආරක්ෂක අංශ සහයෝගයෙන් අභියෝගයට මුහුණ දීමත් ශ්‍රී ලංකාවේ එන්නත්කරන වැඩසටහන සාර්ථක වීමට හේතු වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍ර වල දියුණුවට අදාල කරුණු කිහිපයක්ද සාකච්ජාවට බදුන්වූ අතර අනෙක් රටවල එන්නත්කරණය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකානු අත්දැකීම් බෙදා ගන්නා ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයා ආරාධනය කළේය. ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතාද මෙම අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya