මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැටන් කම්කරු කාර්යාල ගොඩනැගිල්ල හෙට ජනතා අයිතියට

    පෙබරවාරි 25, 2022

    වසර හැටකට ආසන්න කාලයක් හැටන් - ඩන්බාර් පාරේ පහසුකම් වලින් අඩු ස්ථානයක පවත්වාගෙන ගිය හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යාලය සඳහා අලුතින් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ල කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් හෙට (26) පෙරවරුවේදී ජනතා අයිතියට පත්කෙරෙයි.

    පැරණි කම්කරු කාර්යාලය පැවැති ස්ථානයෙහිම ඉදිකර ඇති මෙම තෙමහල් කම්කරු කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය විසින් වැයකර ඇති මුදල රුපියල් දාහත් කෝටි හතළිස්පන් ලක්ෂ හැත්තෑ දහසකි.

    හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීම සඳහා දිනකට දෙසීයත් දෙසිය පනහත් අතර පිරිසක් පැමිණෙන අතර නවීන පහසුකම්වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල විවෘත වීමත් සමගම එතුළින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන එම ජනතාවට වඩාත් සුව පහසුව සහිතව සිය සේවාවන් ඉටුකර ගැනීමේ හැකියාව උදාවී ඇති බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.

    හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යාලය මගින් අඹගමුව සහ නුවරඑළීය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ දෙකට අයත් පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ ආයතන 1900 කට ආසන්න ප්‍රමාණයක සේව්‍ය සේවක පිරිසක් අවරණය කෙරෙන බව ද කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ද සහභාගිවීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya