මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා රැසක් සමග “රැකියා පොළ” පෙබරවාරි 27 ආණමඩුවේදී..

    පෙබරවාරි 25, 2022

     

    2022 වර්ෂය තුළදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ ගතකිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ වන විදේශ රැකියා පොළ වැඩසටහනේ පළමු වැඩසටහන පෙබරවාරි මස 27 වන දින ආණමඩුව සුදම්පාය නගර ශාලාවේදී දවස පුරා පැවැත්වේ.

    විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැකියා පොළ පැවැත්වේ.

    මෙම අවස්ථාවට සහභාගි වන රැකියා අපේක්ෂිතයින්හට මැදපෙරදිග හා මැදපෙරදිග නොවන රටවල ඉහල වැටුප් සහිත රැකියා ඇබෑර්තු, වෘත්තිය නිපුණතා සංවර්ධනයට වෘත්තිය පුහුණු ආයතනවල මගපෙන්වීම, විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම, විදේශ රැකියා සඳහා රාජ්‍ය බැංකුවලින් සහනදායි ණය පහසුකම් වැනි සේවාවන් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. මෙම අවස්ථාවට සහභාගි වී ඔබගේ රැකියා සිහිනය සඵල කරගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි .

    බලපත්‍රලාභි විදේශ නියෝජිතායතන රැසක්ද එම අවස්ථාවට සහභාගි වන අතර, එදින රාත්‍රියේ ද.මු.දසනායක ක්‍රිඩාංගනයේදී රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බෑක් සංගීතයෙන් හැඩවන සංගීත ප්‍රසංගයක්ද පැවැත්වේ. සේනානායක වේරලියද්ද, ධනපාල උඩවත්ත, ශෂිකා නිසංසලා, දිලාන් හෙට්ටිආරච්චි, කිංස්ලි පීරිස් ඇතුළු ජනප්‍රිය තරු රැසක් එහිදී ගීත ගායනා කරනු ලබයි.

    විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන පැවැත්වෙන අතර, රාජ්‍ය අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya