මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර ලබා දීමට සැලසුම් ක්‍රියාත්මකයි - කෘෂිකර්ම අමාත්‍ය

    පෙබරවාරි 25, 2022

    මීලඟ කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබා දීමට අවශ්‍ය සියලුම සැලසුම් සකස් කර ඊට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ නවවැනි පාර්ලිමේන්තුවේ, දෙවැනි සභාවාරයේ කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට පසුගියදා (22) සහභාගි වෙමිනි.

    ලෝක වෙළඳපොළ තුළ වර්තමානයේ පොහොර මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් සහ මෙරට රසායනික පොහොර තහනමත් සමග වෙළඳපොළ තුළ පැවති පොහොර තොග වැඩි මිලට විකිණිමට වෙළඳුන් කටයුතු කර ඇති බවත්, මින් ඉදිරියට එසේ අත්තනෝමතිකව කටයුතු කරන වෙළඳුන්ගේ ලියාපදිංචි බලපත්‍ර තහනම් කිරීමට පියවර ගන්නා බවත්, මෙම කන්නයේ සිට රජය මගින් එය දැඩිව නියාමනය කිරීමට කටයුතු කරනු ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කාරක සභාවට දැන්වීය.

    ලෝක වෙළඳපොලේ වැඩිවූ මිළ ගණන්ද සැලකිල්ලට ගනිමින් රසායනික පොහොර මිළ පිළිබඳව යම් මිළ නියාමනයක් සිදු කිරීමට අදහස් කරන බවද අමාත්‍යතුමා කාරක සභාවට දැනුම් දෙන ලදී. එමෙන්ම කාබනික පොහොර සහනාධාරය ගොවි ජනතාවට ලබා දීමේ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි. කාරක සභාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ දේශිය හරිත කෘෂිකර්මාන්තය වඩා ගුණාත්මකව පවත්වාගෙන යාම රජයේ මූලික අරමුණ වන බවත් ඒ සඳහා සෑම විටම අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

     

    ශ්‍රි ලංකාවේ එක් එක් දිස්ත්‍රික්ක වල භූමි හා පාරිසරික තත්ත්වය මත ලබා දිය යුතු පොහාර ප්‍රමාණය හා වර්ගය එකිනෙකට වෙනස් වන අතර, එක් එක් දිස්ත්‍රික්කවල අවශ්‍යතාව හඳුනාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා, ගොවිජන සහකාර කොමසාරිස්වරයා, ගොවිජන සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරින්ගෙන් සැදුම්ලත්නි ෂ්පාදන කණ්ඩායමක් පත් කර එමඟින් පොහොර ලබා දීමේ ක්‍රියාවලිය වඩා විධිමත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සභාවට දැන්වීය.

    2019/20 වර්ෂය සඳහා ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව, 2018/2019 වර්ෂය සඳහා කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂයේ හෙක්ටර් කොබ්බැකඩුව ගොවි පර්යේෂණ ආයතයේ වාර්ෂික වාර්තාව ඇතුළු වාර්ෂික වාර්තා කිහිපයක්ද කාරක සභාවේදි සලකා බැලීමට ලක් වූ අතර, මෙම කාරක සභාව සඳහා කෘෂිකර්ම අම‍ාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා, රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇතුළු ගරු මන්ත්‍රිවරයන් හා රාජ්‍ය නිලධාරිහු සහභාගි වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya