මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජන කලාපවල කර්මාන්තශාලා වෙත අඛණ්ඩ විදුලිය- විදුලිබල රාජ්‍ය  අමාත්‍ය

    පෙබරවාරි 25, 2022

    ආයෝජන මණ්ඩලය යටතේ එන කර්මාන්ත කලාප සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා (24) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

    විදුලිය විසන්ධි කරන සැලැස්ම සහ විදුලිය කපා හරින ප්‍රදේශ පිළිබඳ සැලැස්ම අනුමැතිය සඳහා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇති බවත් වර්ෂා කාලය උදාවන තුරු විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර හිමි කර්මාන්තකරුවන්ට විදුලිය විසන්ධි වන කාලයේදි විදුලිය ඒකකයක් වෙනුවෙන් රුපියල් 36 ක මුදලක් ගෙවීමට වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයිද ප්‍රකාශ කළේය.

    ඒ වැඩපිළිවෙළ සඳහා කර්මාන්තකරුවන් ඒකරාශී කර ගැනීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya