මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවියන් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මධ්‍යස්ථානයක් පොළොන්නරුවේ ඉදිකිරීමට පියවර  

    පෙබරවාරි 25, 2022

    වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

     යාල වනේද්‍යානය දිවා කාලයේ පැය 2 ක් වසා තැබීම පැයක් දක්වා අඩුකිරීමේ තීරණයක්
     ජනතාවගේ පාරම්පරික ඉඩම් පවරා ගැනීමෙන් වළකින ලෙස අමාත්‍යවරයාගෙන් උපදෙ
    ස්

    වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වනජීවි හා වන සංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය
    උපදේශක කාරක සභාවේ එකඟත්වය පසුගියදා (22) හිමිවිය. කාරක සභාවේ සභාපති වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය   සී.බී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය  විමලවීර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වනජීවි හා වන සංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්විය.

    වද වී යෑමේ තර්ජනයට ලක්ව සිටින වන සත්ව වෘක්ෂලතා විශේෂ ජාත්‍යන්තර වෙළදාම පිළිබද සම්මුතිය (CITES) බලාත්මක කිරීම පිණිස නියෝග සෑදීමට අමාත්‍යවරයාට බලය හිමිවීම මෙම පනත් කෙටුම්පතට අනුව සිදුවේ. GSP සහනය ලබා ගැනීමේදීත් සැලකිල්ලට බදුන්වන මෙම සංශෝධනය වසර 15 කට ආසන්න කාලයක් තිස්සේ සාකච්ඡා වූ බවත් ඒ අනුව අවසානයේ එය බලාත්මක කරන්නට හැකිවූ බවත් අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙහිදී පැවසීය.

    විදෙස් සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සදහා පරිසර සංචාරක කර්මාන්තය (Eco tourism) දියුණු කිරීමේ අවශ්‍යතාවත්, විශේෂයෙන් වැඩි සංචාරක ආකර්ෂණයක් හිමිවන ශ්‍රී ලංකාවේ දිවියන් පිළිබද සංචාරක අමාත්‍යාංශය සමග එක්ව වඩාත් ආකර්ෂණීය වැඩසටහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදීමට ඇති හැකියාව පිළිබඳවත් රැස්වීම සදහා සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. මේඅනුව මේ පිළිබද අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පොළොන්නරුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයේ දිවියන් පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍ය සී.බී රත්නායක මහතා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

    තවද වසර ගණනාවක් සේවය කොට තවමත් ස්ථිර පත්වීම් නොලැබූ ස්වෙච්ඡා සේවකයන් පිරිසක් ස්ථිර කිරීමේ අවශ්‍යතාව පිළිබදවද මෙහිදී විපක්ෂ නායකවරයා අදහස් පළ කළේය. මේ පිළිබද කඩිනමින් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    යාල ජාතික වනෝද්‍යානය දිවා කාලයේ පැය දෙකක් වසා තැබීම නිසා දෙස් විදෙස් සංචාරකයන්ට විශාල අපහසුතාවකට මුහුණදීමට සිදුවන බව මන්ත්‍රීවරු මෙහිදී කියා සිටියහ. මේ පිළිබදව අවධානය යොමුකළ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා, නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ දිවා කාලයේ වනෝද්‍යානය වසා තැබෙන මෙම කාල සීමාව පැය දක්වා අඩුකරන ලෙසයි. එ‍සේමවන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා උපරිම පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

    එසේම ඉඩම් පවරා ගැනීමේදී ජනතාව ජීවත්වන පාරම්පරික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගැනීමට කටයුතු නොකරන ලෙසද අමාත්‍ය සී.බී රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. තවද අලි මිනිස් ගැටුම, අලි වැට ඉදිකිරීම, වනෝද්‍යානවල පවතින ගැටලු ආදී කරුණු රැසක්ද මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානය පිණිස යොමු කළහ.


    කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් වන කපිල අතුකෝරල,  චාමර සම්පත් දසනායක, ගරු කුමාරසිරි රත්නායක යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරයන් රැසක්ද රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya