මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව හාස්‍යයට ලක්කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සහ කරනවා- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    පෙබරවාරි 24, 2022

     පාර්ලිමේන්තුව හාස්‍යයට ලක්කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බවත් , සෑම වසරකම ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තරයට කථා කිරීමට එම පිරිස් උත්සාහ දරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහාත අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පනත් කිහිපයක් සම්බන්ධයෙන් අද පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය වසර 05 තුළ පැවති රජයන් කටයුතු කළේ, දෙමළ සන්ධානය සතුටු කිරීමට බවත්, මෙම රටේ මැතිවරණ පනත පවා හහ්ය්ළ්ය්වාලීමට එම පිරිස් කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය.

    දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු කිහිපදෙනෙකු අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වීම සම්බන්ධයෙන් ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    "අද දිනයේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබෙනවා. .ඔවුන් ඒ සඳහා කාලය වෙන්කරගෙන ගිහින් නැහැ. හිතෙන හිතෙන වෙලාවට ජනාධිපති කාර්යාලයට ගියාට ජනාධිපතිවරයාව හමුවෙන්න බැහැ. අපට සිටින්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනාධිපතිවරයෙක්"
    මෙම පක්ෂවලට ඔවුන් නියෝජනය කරන දමිළ ජනතාව කෙරෙහි කැක්කුමක් නොමැති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, එසේ කිරීමේ අවශ්‍යතාවයක්‌ හෝ නොමැති බවද කීය. ත්‍රස්ථවාදී කණ්ඩායම් මෙහෙය වූ ඔවුන්ගේ අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක වන මෙම පිරිස , ත්‍රස්තවාදය මෙහෙය වන කණ්ඩායම් විසින් රැක බලා ගන්නා බවද කීය. එම නිසා මොවුන් කතා කරන සෑම අවස්ථාවකම ජාතිවාදය , ආගම්වාදය අවුස්සන බවද කීය. මොවුන්ගේ පැවැත්ම ඇත්තේ එවිටයි. මේ රටේ අහිංසක දමිළ ජනතාව වෙනුවෙන් මොවුන් කතා කරන්නේ නැත.''

    පසුගිය දිනවල ගෑස් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධි සම්බන්දයෙන් පැහැදිළි කළ ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්රෝ ගෑස් සමාගමට ගොස් සෑම අස්සක් මුල්ලක් ම පරීක්ෂා කළ බවත් ගෑස් නැවේ සිට ගබඩාව දක්වාත් , බෙදා හැරීම දක්වාත් පරීක්ෂා කරමින් සේවකයන් සමග සාකච්ඡා කර ගැටළු පිළිබඳ විමර්ෂණය කළ බවත් පැවසූ අමාත්‍යවරයා, අනතුරුව ගෑස් පිපිරීමේ සිද්ධි වාර්තා නොවූ බවද කීය. මෙම ගෑස් සම්බන්ධ උපාංග ප්‍රමිතිකරණය කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද කීය.

    ජනතාව තවත් පීඩාවට පත්කරමින් එන්නත්කරණයට බලපෑම් ඇති කරමින් සිටින පිරිස් ආර්ථිකයට බලපෑම් ඇති කරමින් සිටින බවත් රට විනාශ කළා මදිවට නැවත ආණ්ඩුවක් ගැනීමට හැකිවනු ඇතැයි විපක්ෂය විෂ්වාස කරන බවද කීය. පසුගිය රජය මේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ බවත් . උද්ඝෝෂණ, පෙළපාලි සංවිධානය කරමින් ජනතාව පීඩාවට පත් කළ බවත් එහි පීඩාව අද ජනතාව අත්විදිමින් සිටින බවද කීය. අද වන විට මේ රටේ ආර්ථිකය කඩා වැටීමත් දේශපාලනීකරණය කර ඇතැයි පැවසූ ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා මූලික වූයේ මේ රටේ සමස්ත ආර්ථිකය කඩා වැටීමට වග කිව යුතු පිරිසම බව කීය.

    ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදය අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ කිසිවෙක් පාර්ලිමේන්තුවේ නොමැති වූ බවද කීය. .

    තෙල් සැපයුම සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් අනාගතයේදී ඇති වන බවත් එම ගැටළු රජය නිරාකරණය කර ගනිමින් සිටින බවද කී රාජ්‍ය අමාත්‍යවරයා, බාහිර බලපෑම් වලට මුහුණ දෙමින් ඉදිරි වසර තුන තුළ මේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද කීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya