අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ ශල්‍ය ඒකකයට ලක්ෂ 35ක වෛද්‍ය උපකරණ

    පෙබරවාරි 23, 2022

    බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව ශල්‍ය ප්‍රතිකාර ඒකකය සදහා රුපියල් ලක්ෂ 35ක වටිනාකමකින් යුත් ඇදන් ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් ප්‍රධානය කිරීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදුකෙරිණි.

    ඩාර්ට් ග්ලෝබල් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාරයක් ලෙස මෙම උපකරණ බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව ශල්‍ය ප්‍රතිකාර ඒකකය වෙත පිරිනැමීම සිදුකළ අතර එහිදී මෙම සමාගම් සමූහ අධ්‍යක්ෂ ජූඩ් විජේසුන්දර සහ කළමනාකරණ අධ්‍යක්ෂ රොමේෂ් විජේනායක යන මහතුන් විසින් බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ශාන්ති කුඹුරේගෙදර මහත්මිය වෙත අදාල උපකරණ සංකේතාත්මකව ප්‍රදානය කිරීම සිදුවිය.

    එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya